කොළඹ තුරඟ තරග පිටිය ප්‍රදේශයේදී ඊයේ (17) විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම ශිෂ්‍යාවගේ පෙම්වතා බව කියන තරුණයා ව රිමාන්ඩ් බන්ධනාගාර ගතකර තිබෙනබව වාර්තා වේ. ඒ අනුව ලබන 30 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (18) නියම කළේය.

කුරුඳුවත්ත පොලීසිය මගින් අත්අඩංගුවට ගත් සැකකරු අද සවස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතාගේ නිල මැදිරිය වෙත ඉදිරිපත් කොට තිබේ. කුරුඳුවත්ත පොලීසිය අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන ලද පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දුන්නේය.

මෙම සැකකරු මානසික ආබාධ තත්ත්වයකින් පෙලෙන බැවින් ඔහුගේ මානසික තත්ත්වය පිළිබඳව ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමුකර වාර්තාවක් කැඳවන ලෙස සැකකරු වෙනුවෙන් පෙනීසිටි නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් ඉල්ලා සිට ත්බේ. එම ඉල්ලීම පිළිගත් මහේස්ත්‍රාත්වරයා මෙම සැකකරු ජාතික මානසික වෛද්‍ය විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත වෙත යොමුකර වාර්තාවක් කැඳවීමට ද බන්ධනාගාර නිලධාරින්ට නියෝග කළා.

මෙන්න බලන්න තවත් පුවත්