මෝදරවිල මහල් නිවාස සංකීර්ණයේ නිවසකට රාත්‍රියේ කිසියම් පිරිසක් ගිනිතබා විනාශ කර ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි. පානදුර ජනප්‍රිය මාවතේදී දෙපිරිසක් අතර ගුටිබැට හුවමාරුවක් සිදුව ඇති අතර එයින් පහරකෑමට ලක්වූ දෙදෙනකු පානදුර මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.

එම පහරදීම මුල්කර ගනිමින් මෝදරවිල මහල් නිවාස සංකීර්ණයට පැමිණි නාදුනන පිරිසක් පහරදීම සිදුකල බව කියන පුද්ගලයන් පදිංචි මෝදරවිල මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලේ නිවසට ගිනි තබා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

පානදුර ප්‍රදේශයේ දෙපිරිසක් අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් ගිනිතැබීම සිදුවී ඇති අතර එම ගින්නෙන් ජීවිත හානි සිදුව නොමැති බවත් සිදුව ඇති දේපල හානිය මෙතෙක් ගනන් බලා නොමැති බවත් පොලිසිය සදහන් කරයි. මොරටුව මහ නගර සභාවේ ගිනි නිවන රථයක් පැමිණ ප්‍රදේශවාසීන්ගේ සහායෙන් ගින්න පාලනය කර ඇතත් දැඩි ලෙස හානි සිදුව ඇති අතර මෝදරවිල මහල් නිවාස සංකීර්ණය අවට පොලිස් ආරක්ෂාව යොදා තිබුණි.

මෙන්න බලන්න තවත් පුවත්