නිවසේ සිටි කාන්තාවක පිළිස්සුම් තුවාල ලබා මියගොස් සිටියදී පොලිසිය සොයා ගෙන තිබේ.  ඊයේ ( 17) දින රාත්‍රී කාලයේදී මිනුවන්ගොඩ පොලිස් වසමේ යාගොඩමුල්ල, කොටුගොඩ ප්‍රදේශයේදී නිවසක් ගිනි ගන්නා බවට ලැබුණු පණිවිඩයක් මත එම ස්ථානයට ගිය පොලිසිය ගින්න මැඩ පවත්වා නිවස පරීක්ෂා කිරීමේදී අදාළ කාන්තාවගේ මළ සිරුර සොයා ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි. මරණකාරිය වයස අවුරුදු 65ක් වන යාගොඩමුල්ල, කොටුගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියකි.

මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ සිද්ධිය වූ ස්ථානයේ ම තබා ඇත. මරණකාරිය එම නිවසේ තනිව පදිංචිව සිට ඇති අතර මෙය මනුෂ්‍ය ඝාතනයක් ද යන්න පිළිබඳව මිනුවන්ගොඩ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මෙන්න බලන්න තවත් පුවත්