අපේ රංගන ක්ෂේත්‍රය තුළ ඉන්න හරිම නිහතමානී අතිශයින් දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ.එහෙමත් නැත්නම් දිනක්ෂි ප්‍රියසාද් ආදරණිය කලා කාරිණියගේ නැගණිය ඇය කිව්වොත් නිවැරදි. ඇය වෘත්තියෙන් ගුරුවරියක් විදිහට කටයුතු කරන කලාකාරිනියක්.ගුරුවෘත්තිය සහ රංගනය කියන මේ සියලුම දේවල් එකට සමබරව කරගෙන යන්න ශේෂාද්‍රී සෑම අවස්ථාවකදීම උත්සාහ දරනවා.

ඒ වගේම තමයි ඇය රංගන ශිල්පිනියක් වගේම තවත් අවස්ථාවක දී අතිශයින් දක්ෂ නිවේදිකාවක් විදිහටත් විවිධ වැඩසටහන් මෙහෙය වූවා.ඉතින් ඒ දේවල් එක්ක මේ දවස් වල නම් ශේෂාද්‍රි ටිකක් කලාවෙන් ඈත් වෙලා තමයි ඉන්නේ.ඒකට හේතුව ඇය ආදරණීය දියණියකට උපත දීලා මේ වෙද්දි ඇයත් එක්ක ඉතාම සුන්දර කාලයක් ගත කරන නිසයි.

ඇයගේ දියණිය නමින් කිෂාර්‍යා. කවුරුත් දන්නවා ශේෂාද්‍රි කියන්නේ කලින් විවාහ වෙච්ච කෙනෙක් කියන්න.නමුත් ජීවිතය ආදරේ කියන තැන්වල දේ අපිට හරි හරියාකාරව තීරණය ගන්න බැරි වෙන අවස්ථා තියෙනවා.ඇයටත් ජීවිතය එහෙම වෙන්න ඇති.නමුත් තමන්ගෙ ආදරණීය ආක්‍රමණ දිනක්ෂිගේ දැන හැඳුනුම්කම් මත තමයි ඇයගේ මේ දැන් ඉන්න ජීවන සහකරුවා වන ආදරණීය ක්‍රිශාන් ව මුණ ගැහෙන්නේ.

ඒ සම්බන්ධතාවය අද වෙද්දි බොහොම ශක්තිමත්.ඒ නිසාම තමයි ඔවුන්ට වාසනාව ලැබුණේ පුංචි දූ සිඟිත්තියක් මේ පවුලට එකතු කරගන්න.පලවෙනි දරු ප්‍රසූතිය කියන්න ඇත්තටම අම්මා කෙනෙක්ට ගොඩක් අත්දැකීම් ලබා දෙන ලබාදෙන අවස්ථාවක්.ශේෂාද්‍රි ටත් ඒක ඒ විදිහමයි.ඉතින් ඒ සම්බන්ධයෙන් ඇය කිව්වේ මේ වගේ දෙයක්.

“මම මුල ඉඳන්ම නෝමල් ඩිලිවරි එහෙකට යන්නෑ කියලා හිතුවා.මට ඕන වුණේ සිසේරියන් සැත්කමකින් ඩිලිවරි එක කරන්න.ඇත්තටම හේතුව මට වේදනාවට බයයි.මට එක දරාගන්න පුළුවන් වෙයිද කියන දේ විශ්වාස නැහැ.සැත්කම වෙලාවේ දේ එකපාරටම බබා කෑගහන සද්දේ ඇහුනා ම තමයි මට එයා අනේ ආවා නේ කියලා කියලා හිතාගන්නවත් බැරි උනේ.ඇත්තටම ෆීලින් එක කියන්න තේරෙන්නෑ.”

ඒ විදිහට අදහස් දක්වපු ඇය සඳහන් කළේ ටික දවසක් යනකල් ඒ වේදනාව ඇයට තිබුණා කියලත් තමන්ගෙ වැඩ කටයුත්තක් කරගන්න ටිකක් අපහසු වුණා කියලත් සඳහන් කළා. කෙසේ නමුත් මෙවැනි දියණියත් ටිකක් ලොකු නිසා නැවත වතාවක් කලාවත් එක්ක සම්බන්ධ වෙයි කියන බලාපොරොත්තුව බොහෝ දෙනෙක් අතර තියෙනවා.ඒ නිසාම ඉතාමත් ඉක්මනින් හොඳ කලා කටයුත්තක් එක්ක ප්‍රේක්ෂකයන් හමුවට එන්න ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරන්නෙමු.

පැරණි පුවත්

ලංකාවේ රංගන ශිල්පිනියන් අතරින් වැඩිම ප්‍රේක්‍ෂක ආදරයක් දිනාගෙන ඉන්න දක්ෂ වගේම සුන්දර රංගන ශිල්පිනියක් තමයි දිනිති වල්ගමගේ කියන්නේ, අව්‍යාජ හදවතක් හිමි දිනිතිට ලංකාවේ හැමෝමවගේ ගොඩක් ආදරෙයි, ඉතින් අපි අද අපේ කතාබහට එකතු කරගෙන ඉන්නේ හැමෝම ගොඩක් ආදරේ කරන දිනිති වල්ගමගේවයි, දිනිති මොනවද අලුත් අවුරුද්දේ කරන්න ඉන්න වැඩ ”මට මේ අවුරුද්ද හරිම විශේෂයි මොකද කරන්න වැඩ ගොඩක් තියෙනවා ඒකට මම මේ දවස්වල සුදානම් වෙනවා, මම අනිත් වැඩ පොඩ්ඩක් පැත්තකින් තියලා මේ දවස්වල පොඩ්ඩක් මගේ පෞද්ගලික ජීවිතේට මුල්තැන දීලා තියෙන්නේ”

පිටපතක් ලැබුන සංගීත්ගෙන් අහලද ඒ නිර්මාණය බාරගන්නේ..? ”ඔව් ඉතින් දැන් අහන්න වෙනවා නේ, කලින් නම් ඇහුවේ තාත්තාගෙන්, දැන් මගේ භාරකාරයා වෙනස් වෙලා, ඒ වුනාට සන්ගීත්නම් මට කවදාවත් කියලා නෑ එහෙම කරන්න එපා මෙහෙම කරන්න, ඔයා ඕකට යන්න එපා, වගේ දේවල් එයා මට මගේ උපරිම නිදහස දීලා තියෙන්නේ, අර යුතුකමක් වශයෙන් අහනවා, එහෙම නැතුව එයා නීති දාන්නේ නෑ කියලා මම දන්නවා,”

දිනිතිට ආදරය සහ විවාහය කියන දේ දැනෙන්නේ කොහොමද..? ”මෙහෙමයි හරි කෙනෙක් මුණගැහුනොත් ආදරේ කියන දේ හරිම ලස්සනයි, මම කියන්නේ බාහිරින් ලස්සන අය ගැන නෙවෙයි හදවතින් ලස්සන අය ගැන, ආදරය කියන්නේ හරිම සංවේදී දෙයක්, ජීවිතේ විඳවන්නත් ජීවිතේ විඳින්නත් පුළුවන් ආදරේ නිසා, ආදරය කියන්නේ හරිම පරිස්සමින් කලබලයක් නැතුව තෝරාගන්න ඕන දෙයක් තමයි ආදරය කියන්නේ, අපි අඩු වයසින් පාලුයි තනියම ඉන්න බෑ කියලා කෙනෙක් තෝරාගත්තොත් පස්සේ කාලේ පසුතැවෙන්න වෙනවා, මට දැන් විවාහ වෙන්න හරිම කාලය ඇවිත් කියලා දැනුන නිසයි මම විවාහ වෙන්න යන්නේ,

දිනිති වෙඩින් එකට සූදානම් වෙන්නේ කොහොමද..? ”පය පහක් ඇතුලත ගන්න වෙඩින් එකකට ඇයි අපි ලොකු කාලයක් නාස්ති කරන්නේ, අනවශ්‍ය විදියට වියදම් කරන්නේ නැහැ, විවාහයෙන් පස්සේ මගේ ජීවිතේ වෙනස් වෙනවා නේ කියලා ඒ වෙනුවෙන් තමයි මම වැඩ කරන්නේ, එහෙම නැතුව වෙඩින් එක කියලා ණයවෙලා සෝබනේට ලොකු වෙඩින් එකක් ගන්න අපි දෙන්නටම ඕන නෑ, විවාහය කියනදේත් ජීවිතේට එකපාරයි ලැබෙන්නෙ ඉතින් ඒ ලස්සන දවස තමන්ට පුළුවන් විදියට වියදම් කරලා පොඩි දෙයකින් සතුටු වෙන එකයි වටින්නේ, මොකද සතුට තියෙන්නේ අත ළඟමයි ඉතින් අපි මේ වසරේ විවාහ වෙනවා,”

සංගීත් ගැන මොකද හිතෙන්නේ ”සංගීත් කියන්නේ එයාට එයාගේ ජීවිතේ මගහැරුණ කෙනෙක්, එයා දැන් තමයි ජීවිතේ පටන් අරගන්න හදන්නේ, එයා මාවත් හැම වෙලාවේම සතුටින් තියන්න උත්සහ ගන්නවා, සංගීත් කියන්නේ හරිම ආදරණීය චරිතයක්, එයා නිතරම බලන්නේ එයා එක්ක ඉන්න අය සතුටින් තියන්න, මාව යාලුවෙක් විදියට ආශ්‍රය කරන කාලයේත් සංගීත් එහෙමයි, සංගීත් මට ළඟදී වාහනයක් අරගෙන දුන්නා, එයා මට ඒක අරන් දුන්නේ කොහොමද කියන එක මම හොඳටම දන්නවා, එයා නිදිමරාගෙන තමයි මට මේ වාහනේ අරන් දුන්නේ, එයා පැය දෙකයි නිදාගෙන තියෙන්නේ, එයා පුදුම විදියට මහන්සි වෙන කෙනෙක්, මම හිතන්නේ සංගීත් කියන්නේ මගේ පිනට ලැබුන කෙනෙක්”

මෙන්න බලන්න තවත් පුවත්