මේ දවස්වල හැමෝම කතාවෙන ජනප්‍රිය ටෙලිනාට්‍යක් තමයි පාරදිගේ කියන්නේ, ඉතින් මේ නාට්‍යයේ වැඩිම ප්‍රේක්ෂක ආදරයක් දිනාගන්න සමත්වුණ චරිතය තමයි බන්ටි කියන්නේ, ඉතින් අපි හිතුවා මේ බන්ටි කියන චරිතයට පන පොවන දුෂේනි මියුරංගි එක්ක ටිකක් කතා කරන්න,

ඉතින් දුෂේනි මේ දවස්වල ඔයා පණපොවන සරණි හරිම ජනප්‍රියයි නේද..?

”ඔව් ඔව් මොකද මේ දවස්වල නැන්දම්මා ලේලි වලි නිසා තමයි වැඩියෙන්ම ජනප්‍රිය වෙලා තියෙන්නේ, අනිත් හේතුව තමයි සරණි කියන ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළඳ ගත්ත එක, සාමාන්‍යයෙන් මේ නාට්‍යයේ සරණි, බන්ටි, බණ්ඩා කියන්නෙ කළු චරිත හැබැයි මිනිස්සු ඒ චරිත සුදු චරිත විදියට ආදරෙන් වැළඳ ගත්තා හරිම සතුටුයි වගේම ගොඩක් ස්තුතියි අපිට දෙන මේ ආදරේට”

දුෂේනිට ඇත්තටම සරනිගේ චරිතය ගැන මොකද හිතෙන්නේ..?

”මම රඟපෑව චරිත වලින් මම වැඩියෙන්ම ආස කරන සහ මම වැඩියෙන්ම ආදරේ කරන චරිතය එක, මම මුලින්ම බන්ටි ඊට පස්සේ සරණි, දැන් ඩිල්ශානි එකම චරිතය වුනාට නම් තුනට හැසිරීම තුන් විදියක්, අපේ වැඩි කාලයක් ගතවෙන්නේ පාරදිගේ නාට්‍ය එක්ක දැන් ඇත්තටම අපි එක පවුලක් වගේ, ඇත්තම කියනවනම් මේ චරිතය තමයි මට වාසනාව ගෙනාව චරිතය,”

ජීවිතේ ආපස්සට හැරිලා බලද්දී මොකද හිතෙන්නේ ජීවිතේ ගැන,

”මෙහෙමයි මගේ ජීවිතේ ගැන කියනවනම් මට සමහර වෙලාවට හිතෙනවා අතීතයේ වෙච්ච සමහර දේවල් වුනේ නැත්තන් හොඳයි කියලා හිතෙන දේවල් තියෙනවා, හැබැයි ඒත් එක්කම මට හිතෙනවා ඒ දේවල් සිදුවුනේ නැත්තන් මම සමහර පාඩම් ඉගන ගන්නේ නෑ නේද කියලා, මොකද මම ඒ හැම සිදුවීමකින් මම මගේ ජීවිතයට අලුත් පාඩමක් ඉගන ගත්තා, ඒ දේ මම ඉගන ගත්තේ නැත්තන් මට මීට වඩා දේකට මුනුන දෙන්න වෙනවා, මම මේ ගමන යන්නේ හරිම පරිස්සමින්”

දුෂේනි ආදරේ විඳලා නැද්ද..?

”මම එහෙම ගොඩක් ආදරේ විඳලා නෑ, හැබයි දෙයියනේ කියලා ආදරේ නිසා හොඳට වින්දවලා නම් තියෙනවා, සමහර ආදර කතා තිබ්බා හරියට පටන් ගත්තේවත් නැතුව අවසන් වුන, ඒ දේවල් නිසා මගේ හිත ගොඩක් හිත රිදුනා, මම හිතෙන්නේ දෙයක් ලැබෙන්න තියෙනවනම් ලැබෙනවා, නැත්තන් නෑ දැන් මම ඒ දේවල් ගැන වැඩිය හිතෙන්නේ නෑ, මම මගේ උරුමක්කාරයා හම්බවෙනකන් මෙහෙම ඉන්නවා”

ඇත්තටම දුෂෙනි බන්ටි වගේ චරිතයක්ද..?

”අනේ නෑ, මම බන්ටි වගේ චරිතයක් නෙවෙයි මම එයා තරම් කටකාර නෑ අනික මම මිනිස්සුන්ට ඒ වගේ කතා කරන්නෙත් නෑ, මම වැඩිය කතා කරන චරිතයක් නෙවෙයි මගේ සමීපම අය එක්ක නම් ටිකක් කියවනවා, එහෙම නැතුව මම බන්ටි වගේ කියවන්නේ නෑ, විහිලුනම් කරනවා හැබැයි හිතරිදෙන ඒවා නෙවෙයි, මම දැක්කා සරනිගේ දෙබස් දාලා ෆේස්බුක් එකේ එහෙම එක එක වීඩියෝ ශෙයා කරනවා සුවහසක් නැන්දම්මාවරුන්ට ලේලිලා එපා කරවපු කෙල්ල කියලා, හැබැයි ඉතින් ඒක චරිතයක් විතරයි ඇත්ත මම එහෙම නෑ”

පැරණි පුවත්

අපි වෙන් වෙලා නැහැ. තවමත් අපි හරි ආදරෙන් එකම ගෙදරක ඉන්නේ. අතුල පහළ තට්ටුවේ. අපි උඩ තට්ටුවේ.අමායා අධිකාරි, පළමුවරට කළ අනාවරණය මෙන්න

නිරූපණ ශිල්පිනියක් වගේම රංගන ශිල්පිනියක් විදිහටත් අමායා අධිකාරිව අපිට හඳුන්වා දෙන්න පුළුවන්.

හැබැයි දැන් නම් ඇය වැඩිපුර දකින්න පේන්න ඉන්න කෙනෙක් නෙවෙයි.

මේ ඇය සතිඅන්ත පුවත්පතක් සමඟ කළ කතාබහක්…

අමායා මේ දවස්වල පේන්න නැත්තේ රංගනයට සමු දීල ද?

නැහැ.. නැහැ. මම රංගනයට සමු දුන්නේ නැහැ. මට ඉන්නෙ තාම පොඩි බබාල. දුව නම් චුට්ටක් ලොකුයි. පුතාල දෙන්නගෙ වයස් පරතරය අවුරුද්දයි. ඒ නිසා දෙන්නම පොඩියි. මං තාමත් එයාලට කිරි දෙනවා. හොඳ නිර්මාණයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙනවා. ඒත් මෙගා නාට්‍යවලට නම් සම්බන්ධ වෙන්න කැමති නෑ. ඒ වගේම මගේ කෑම ප්‍රොඩක්ට් එකේ වැඩකටයුතුත් කරගෙන යනවා. ඒක නම් කරන්නේ ඔන්ලයින් ඕඩර්ස්වලට.

ඔබ කලාවට පිවිසි ගමන්මඟ ගැන සිහි කළොත්?

මුලින්ම මං බ්‍රයිඩ්ල් නිරූපණයෙන් තමයි කලාවට පිවිසුණේ. ඒකත් අක්කිගෙ වෙඩින් එක දවසෙ මාව දැකලා ප්‍රේමසිරි හේවාවසම් තමයි මුලින්ම මාව පැජන්ට් එකකට බ්‍රයිඩ්ල් කෙනෙක් වගේ ඇන්දුවේ. ඊට පස්සෙ ඉතින් දිගටම අඳින්න වුණා. පස්සේ පැෂන් ෂෝවලට සම්බන්ධ වුණා. මොඩ්ලින් නිසා මං ජනප්‍රිය වෙලා හිටියේ. ඒත් අතුල මැරි කළාට පස්සෙ තමයි රංගනයට පිවිසෙන්නේ. ඇත්තටම මං දැනන් හිටියෙ නෑ මට රඟපාන්න පුළුවන් කියලා. එයාල කීයන විදිහට මං දක්ෂ විදියට ඒ චරිතයට සාධාරණයක් ඉටු කළාලු.

ඔබ අතුලගෙන් වෙන් වෙලා දැන් හර්ෂ ධනෝෂ්ගේ බිරිය. ඒත් අතුලත් එක්ක තියෙන යාළුකමේ වෙනසක් නැහැ නේද?

අපි වෙන් වෙලා නැහැ. තවමත් අපි හරි ආදරෙන් එකම ගෙදරක ඉන්නේ. අතුල පහළ තට්ටුවේ. අපි උඩ තට්ටුවේ. මම එයාගේ හොඳම යාළුවා. එයා මගේ හොඳම යාළුවා. මං හිතන්නේ කාලයක් ආදරය කරපු කෙනෙක් එක්ක ප්‍රශ්න බෙදාගෙන යාළුවෙක් විදිහට ආශ්‍රය කළාම ජීවිත කාලෙම වුණත් ඉන්න පුළුවන් ඒ තේරුම් ගැනීමත් එක්ක. අපි වෙන්වේවි කියලා හිතන්නත් බෑ. හදවත්වලින්, මනසින් වෙන්වීම ගැන හිතන්නත් බැහැ. ඒක යාළුකමක් විදිහට හරි එක දිගට පවත්වගෙන එන එක ගැන සතුටුයි. හදවත්වලින් අපි තාමත් යාළුවෝ. එහෙම ඉන්න එක පහසුයි. ඇත්තටම වෛරක්කාරයො බිහිකර ගන්නවට වඩා. ඒවා ඉතින් බලාගෙන ඉන්න බෑ මිනිස්සුන්ට. අපි ප්‍රසිද්ධ නිසා අපි ගැන හොයනවා වැඩියි. අපි ඒවා අහගෙන ඉන්නවා. වෙලාවකට හිනාත් යනවා.

අතුලයි, හර්ෂයි කොහොමත් ඉස්සර ඉඳන්ම දන්නවා. අතුල හරිම ආදරේ කැරැක්ටර් එකක් හර්ෂ කියන්නේ. එයා ආසම කටහඬක් තියෙන්නේ හර්ෂට. ඇත්තටම අතුලයි හර්ෂ එක්ක තරහා වෙන්න ඕන. එහෙනම් චිරන්ත එක්කත් තරහා වෙන්න ඕන. එහෙම දෙයක් නෑ. වෙන්වුණාට පස්සේ කා එක්ක ජීවත් වුණත්, ඒ මනුස්සයත් එක්ක කතාබහ කරලා හොඳින් ඉන්න ලැබෙනව කියන්නේ කොච්චර දෙයක්ද? ඒ මනුස්සයගේ හදවත විශාලයි. එහෙම අයත් එක්ක ජීවත් වෙන්න පහසුයි.

පහුගිය දවස්වල අමුත්තෝ කට්ටියක් අමායා බලන්න ආවා කියලා ආරංචියි?

ආ ඔව්. කාවින්ද්‍යා නම් ඉස්සර ඉඳලම තාත්තිව බලන්න කොහොමත් එනවා. එයා මගෙත් එක්කත් කිට්ටුයි. මගේ බබාලත් එක්කත් එකතුයි. එයා හරි හොඳ ඇක්ෂුවල් ළමයෙක්. සමිතා නම් කලින් ඇවිත් තියෙනවා. ඒත් සමිතයි චිරන්තයි එකතු වුණාට පස්සේ නම් දෙන්නා එක්කම අපේ ගෙදර ආවේ ෆස්ට් ටයිම්. ඩිනර් අරගෙන එන්ජෝයි කරලා ගියා. පිටදි අපි හමු වෙනවා. ඒත් ගෙවල්වලට එවෙන්නේ නැහැ. මොකද මං ඉන්නේ කොළඹින් ටිකක් ඈත. එයාලට ට්‍රිප් එකක් එනවා වගේ තමයි මාව බලන්න එන එක. හැබැයි ආවා. අපි ඉතින් හොඳින් ආදරෙන් ඉන්නවා. එයත් හොඳ හදවතක් තියෙන කෙනෙක්. හැබැයි ඉතින් කතා හැදෙන්නෙත් අපි වගේ මිනිස්සුන්ට. ඒ හින්දා ඉතින් එයාලගේ කතාබහ පැත්තකට දාලා අපි එකමුතුව ආදරෙන් ඉන්නවා. හොඳින් ඉන්නනේ ඕන. එහෙම ඉන්න බැරි අය තමයි ඉරිසියාවට කතා හදන්නේ. මගේ කලින් හස්බන්ඩ් අයින් වෙලා නම් ඉන්නේ මට එයාව යාළුවෙක් වගේ ආශ්‍රය කරන්න පුළුවන්නේ. මොකෝ අපි වෙන් වුණේ ගහමරාගෙන නොවෙයිනේ.

අමායාට ටැටූ පිස්සුවක් තියෙනවා නේද, ඒක රංගනයට අවාසියක් වුණොත්?

ඔව්. ටැටූ නම් ගොඩක් තියෙනවා ඇඟේ. පේන තැන්වල තියෙන්නේ. පේන්නෙ නැත්නම් ගහලා වැඩක් නෑනේ. ටැටූ එකක් ගහනවා නම්, ඒ පැෂන් එක කරනවා නම් ඒක පේන තැනක තියෙන්න ඕන. නැත්නම් වැඩක් නෑ. ලංකාවේ ෆිල්ම් හෝ ටෙලි නාට්‍ය කලාවේ මං වගේ ටැටූ ගහලා නැහැ කවුරුත්ම. අත් දෙකේ පුරාම තියෙනවා. සමහර අයට දෙපාරක් හිතන්න වේවි මාව නිර්මාණයකට ගන්න. සමහර අයට මාව ගන්න බැරි වෙන්නත් පුළුවන්. ඒ වගේ චරිතයක් හම්බවුණොත් තමයි කරන්න වෙන්නේ.

මෙන්න බලන්න තවත් පුවත්