මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අතිශයින් කතා බහට ලක්වෙන ජනප්‍රිය ගායන ශිල්පිනියක් තමයි දිල්කි උරේෂා කියලා කියන්නේ. ඉතින් කාලෙන් කාලෙට අලුත් අලුත් ගීත ගායනා කරමින් ප්‍රේක්ෂකයින් හමුවට එන ඇය දැන් ප්‍රසංග වේදිකාවටත් නැතුවම බැරි ගායන ශිල්පිනියක් වෙලා. කොහොම නමුත් මේ දිනවල ඇයගේ වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ අතිශයින් සංසරණය වෙනවා. ඉතින් පහුගිය දවසක නව පරපුරේ ළමා සංගීත කණ්ඩායමක් වන ආශාවරී සංගීත කණ්ඩායමත් සමඟ ගීත ගායනා කිරීමට පැමිණි ඇය ගීත දෙකක් පමණක් ගායනා කරලා මයික්‍රෆෝනය සංගීත කණ්ඩායමේ ඉස්සරහම හිටපු ළමයාගේ අතට දීලා ඇය වේදිකාවෙන් බැහැලා යනවා.

ඉතින් මේ සිදුවීමෙන් පස්සේ එම ප්‍රසංගය නිවේදනය කල කෙනත් ඇයගේ අහනවා ගීත ගයනා කරලා ඉවරද කියලා. කොහොම නමුත් මේ සිදුවම ගැන ඇයගේ ප්‍රේක්ෂකයින්නම් එතරම් කැමැත්තක් දක්වලා තිබුනේ නැහැ. ඒ නිසා බොහෝ දෙනෙක් යම් යම් විවේචන ඇයට එල්ල කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් දිල්කි උරේෂා ෆේස්බුක් ලයිව් ඇවිත් මේ සිද්දිය ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් එහිදී ඇය කියන්නේ මෙන්න මේ වගේ කතාවක්. ‘’මට එදා ආශාවරී සමග ගීත ගායනා කරලා මට තව ප්‍රසංග තුනකටම සහභාගි වෙන්නටත් තිබුණා. ඉතින් මන් සින්දු දෙකයි පුතේ කියන්නේ කියලා පුතෙක්ට කලින්ම කියලා තිබුණා. නමුත් නිවේදක මහතාට මගෙත් එක්ක මොකක් හරි ප්‍රශ්නයක් තියෙන්න ඇති කියලයි මම හිතන්නේ. ඉතින් ඒක නිසා මම සින්දු දෙකක් විතරයි කියන්නේ කියපු එක ඔහු වෙනත් විදියකට හයිලයිට් කිවුවේ. ඒ පුංචි පුතාල එක්ක මම සින්දු කියන්න කැමති නැති නිසා වේදිකාවෙන් බැහැලා ආවා වගේ.

කොහොම නමුත් විවේචනය කරන කොට ටිකක් හොයලා බලලා ඇත්ත මොකක්ද කියලා දැනගෙන විවේචනය කරන්න කියලයි මම නම් කියන්නේ. කවුරුත් දන්නේ නැති වුනාට මේ සංගීත කණ්ඩායමට මම පෞද්ගලිකව කතාබහ කරලා සුභ පතපු කෙනෙක්. ඒ වගේම ඉදිරියටත් එයාල එක්ක මම වැඩ කරන්නවා. ඒ වගේම මගෙත් එක්ක ඉස්සර ඉදන්ම වැඩ කරපු අය දන්නවා මම මොන වගේ කෙනෙක්ද කියලා.

ඒ වගේම එදා මට වේදිකාව යටදී මහලොකුවට ප්‍රශ්නයක් වුණා. ඒක නිසා සින්දු දෙක පවා කිව්වේ වේදනාව සහ කඳුළු හිරකරගෙන. කොහොම නමුත් මිනිස්සු වැරදි වැටහීමක ඉඳලා තමයි මේ තරමට මට බනින්නෙ. නමුත් අපි දෙගොල්ල අතර කිසිම ප්‍රශ්නයක් නැහැ. එතැනදි වුනේ පෞද්ගලික ප්‍රශ්නයක්. ඒ වගේම නිවේදනය කරපු කෙනාට මගෙත් එක්ක ප්‍රශ්නයක් තියෙන්න ඇති. නමුත් මමත් පුංචි තැනක ඉඳල ආපු කෙනෙක් නිසා මට මුල අමතක නැහැ’’ කියලයි ඇය පවසලා තිබුනේ.

පැරණි පුවත්

මටනම් කවුරුවත් එහෙම දේවල්වලට කතා කරලා නෑ- පුංචි තිරයේ දගකාරිය දසුනි සෙනෙත්මා

රංගනයෙන් වගේම නර්ථනය හරහාත් හැමෝගෙම ආදරේ දිනාගත්ත නව පරපුරේ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි දසුනි සෙනෙත්මා කියන්නේ, මේ දවස්වල පුංචි තිරයෙන් හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න දසුනි සමගයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ, දසුනි මේ දවස්වල පුංචි තිරයේ නිතරම දකින්න ලැබෙනවා නේද..? ”ඔව් අලුත් නිර්මාණ කිහිපයක්ම විකාශනය වෙන්න පටන් ගත්තා, ඒ දිව්‍යාදරී ටෙලි නිර්මාණය, ඒ වගේම රැල්ල වෙරළට ආදරෙයි කියන නාට්‍යයේත් මම රඟපානවා, හිරු නාලිකාවේ විකාශනය වුන ‘මහවිරු පණ්ඩු’ නාට්‍යය නම් මේ වනවිට විකාශනය වෙලා අවසන්”

දසුනි කොහොමද රංගනයට පිවිසෙන්නේ ”මම පොඩි කාලේ ඉඳලම කළා ක්‍ෂේත්‍රයට ගොඩක් කැමතියි, ඒ වගේම පාසල් කාලයේ ඉඳලම මම නර්ථනයට ගොඩක් දක්ෂයි, මම විතරක් නෙවෙයි මගේ පවුලේ ගොඩක් අය නර්තනයට දක්ෂයි, තාත්ත ඕන වුනේ මාව දෙරණ නාලිකාවේ little star කරන්න, මම ඒ තරඟයේ අන්තිම පස්දෙනා අතරට ආවා, එහෙම ආරම්භ කරපු ගමන වෙළඳ දැන්වීම් හරහා, වැඩසටහන් නිවේදිකාවක විදියට ඇවිත් දැන් මම රංගන ශිල්පිනියක්,”

දසුනිගේ ටාගට් එක වෙලා තිබ්බේ කළා ක්‍ෂේත්‍රයට පිවිසෙන එකද..? ”නැහැ මම ආසාවෙන් හිටියේ නර්ථන ගුරුවරියක් වෙන්න, ඒ වගේම මම ගණිතයට ගොඩක් දක්ෂයි ඉතින් මම ඉංජිනේරුවෙක් වෙන්නත් ගොඩක් ආස කලා, කළා ක්‍ෂේත්‍රයට සම්බන්ද වෙන්නේ මගේ තාත්තගේ ආසාවට, තාත්තට තමයි ඕන වුනේ මාව කළා තරුවක් කරන්න, අද එයාගේ හීනය සැබෑ වෙලා”

කළා ක්‍ෂේත්‍රයට සම්බන්ද වීම ගැන මොකද හිතෙන්නේ ”මටනම් මේ ක්‍ෂේත්‍රයට සම්බන්දවීම ගැන ගොඩක්ම සතුටුයි, සමහර අයනම් කියනවා මේ ක්‍ෂේත්‍රයේ එක එක ප්‍රශ්න එනවා කියලා, අනේ මටනම් කවුරුවත් එහෙම දේවල්වලට කතා කරලා නෑ, ඉතින් මම නිතරම උත්සහ කරන්නේ මේ ක්‍ෂේත්‍රයෙන් ඉදිරියට යන්න වගේම මගේ අධ්‍යාපන පැත්තෙන් ඉදිරියට යන්න,”

මෙන්න බලන්න තවත් පුවත්