අද (16) අලුයම හොරණ කුඹුක ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබේ. පොකුණුවිට සිට කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථය පසුපසින් යතුරුපැදියකින් හඹා ගොස් කුඹුක ප්‍රදේශයේ වෙල්යායක් අසල දී නවතා වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරයි.

වෙඩිවැදීමට ලක්ව ඇත්තේ, පානදුර කෙසෙල්වත්ත ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි ව්‍යාපාරිකයෙකි. තුවාල ලැබූ ව්‍යාපාරිකයා හොරණ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මොරගහහේන පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

අද (16) අලුයම හොරණ කුඹුක ප්‍රදේශයේ සිදු වූ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් තුවාල හොරණ මූලික රෝහලට ඇතුළත් කර තිබේ. පොකුණුවිට සිට කොළඹ දෙසට ධාවනය වූ මෝටර් රථය පසුපසින් යතුරුපැදියකින් හඹා ගොස් කුඹුක ප්‍රදේශයේ වෙල්යායක් අසල දී නවතා වෙඩිතැබීම සිදුකර ඇති බවට පොලීසිය සැක පළ කරයි.

මෙන්න බලන්න තවත් පුවත්