නිරූපණ ක්ෂේත්‍රය තුළ ගොඩක් දෙනෙක් ආදරේ කරන බොහෝ දෙනෙක්ගේ හදවත දිනා ගත්තු ආදරණීය නිරුපිකාවක් තමයි උදාරි කෞශල්‍යයා කියන්නේ. ඇය හරිම සුරූපී රූමත් නිරූපිකාවක්. ඒ වගේම තමයි නිරූපණයට අමතරව උදාරි රංගන කටයුතුත් එක්ක සම්බන්ධ වෙලා හිටියා.

මේ වන විටත් පුංචි තිරයේ විවිධ ටෙලි නිර්මාණයන් වල හරි අපූරු චරිත නිරූපණය කරන්න ඇයට අවස්ථාව උදාවෙලා තියෙනවා.උදාරි ගැන කතා කරද්දි කොයි කවුරුත් දන්නවා උදාරි විවාහ වෙලා හිටියෙ ශ්‍රේෂ්ත්‍රයේ අති දක්ෂ රංගන ශිල්පියෙක් වන සංගීත් සතරසිංහ සමග.

නමුත් ආදරේ කියන්නේ පරිත්‍යාගය කියලා හැම වෙලාවෙම හිතන්න පුරුදු වෙච්ච උදාරි විවාහ ජීවිතයේ ඇතිවුණු යම් කිසි ගැටලු සහගත තත්ත්වයන් නිසාත් එය තවදුරටත් ඉදිරියට ගෙනියන්න බැරි නිසාත් සංගීත් ගෙන් වෙන් වෙන්න තීරණය කරනවා..එතැන් පටන් ස්වාධීන වෙච්ච ඇය මේ වන විට කලා ලෝකය තුළ ඇගේම කියලා ගමනක් ආරම්භ කරලා අවසන්..ඉතින් එක්තරා අවස්ථාවකදී රූපවාහිනිය වැඩසටහනක් සමග එකතු වන ඇය ජීවිතය ,ආදරය සහ විවාහය ගැන හරි අපූරු අදහස් කීපයක් හුවමාරු කරගත්තා. එහිදී උදාරී කිව්වේ මේ වගේ සංවේදී ඒ වගේම දෙපාරක් හිතන්න පුළුවන් කතාවක්.

“ආදරය කියලා මම දකින්නේ පරිත්‍යාගශීලීත්වය සහ කැපකිරීම. ඒකෙන් තෘප්තියක් ලබනවා මම. විවාහය ගැන එහෙම ලොකු නිර්වචනයක් දෙන්න මම දන්නේ නැහැ. නමුත් මම හිතනවා විවාහය කියන්නේ ආත්මගත බැඳීමක් කියලා. ඒක සංසාරික පුරුද්දක්. හැම ගැහැනියකටම විවාහ වෙන්න ඕනේ කියලා දෙයක් නැහැ.

මම නැවත විවාහයක් ගැන කොහෙත්ම හිතන්නේ නැහැ.විවාහ ජීවිතෙන් පස්සෙ වුණත් දෙදෙන ගලපගෙන නමයි තමයි ජීවත් වෙන්න ඕනේ.හැම කෙනෙකුගේ ම අංග සම්පූර්ණ යක් අපි දකින්නේ නැහැ. දෙදෙනාගේ ම අඩුපාඩු වැරදි තියෙනවා. ඒ දේවල් නොගැලපීම් ඉතින් ඒ දේවල් තේරුම් අරගෙන ජීවත් වුනොත් විවාහය දික්කසාදයකින් කෙළවර වෙයි කියලා මම හිතන්නේ නැහැ.”

ඊට පස්සේ ඇය කිව්වේ විවාහ ජීවිතයක් අසාර්ථක වෙනවා නම් ඒ දෙන්නගේ තේරුම් ගැනීමේ දුර්වලතාවයන් මත තමයි එහෙම වෙන්නේ කියන දේ. ඒ වගේම දික්කසාදය කියන දේ වැරදි ඇතිවත් වැරදි නැතුවත් ඕනෙම පුද්ගලයෙක් ගන්න තීරණය කියලත් ඇය සඳහන් කළා. නමුත් වැරැද්දක් නැතුව ගන්න ඒ තීරණය ගැන අනිවාර්යෙන්ම දෙපාරක් හිතන්න ඕනි කියලත් උදාරී ප්‍රකාශ කළා.

කෙසේ නමුත් තවමත් තනිකඩව ජීවත් වන ඇය කවදාවත් කසාද බඳින්නේ නැහැ කියලා කිව්වත් හිත ගිය ආදරණීය සහකරුවෙක් ජීවිතය ඇයට මුණ ගැසේවා කියා අපි එක සිතින් ප්‍රාර්ථනා කරන්නෙමු.

පැරණි පුවත්

දෙවන වරට මල්ලි කෙනෙක් සමග විවාහවී ඒ විවාහයටත් සමුදුන් උපේක්ෂා ස්වර්ණමාලි

රංගන ශිල්පිනියක විදියට කාගේත් හදවත් දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිල්පිනියක් තමයි උපේක්ෂ ස්වර්ණමාලි කියන්නේ, උපේක්ශාගේ තියෙන සුන්දර රුව නිසා ඇයට වශී නොවුන ලාංකියයෙක් නොමැති තරම්, ඉතින් අද අපි අපේ කතාබහට එකතු කරගත්තේ හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න උපේක්ෂා ස්වර්නමාලිවයි, උපේක්ෂා කොහොමද දැන් ජීවිතේ ”ජීවිතේ සුන්දර විදියට ගලාගෙන යනවා, ජීවිතේ වැඩිම කාලයක් වෙන්කරලා තියෙන්නේ දුවගේ වැඩ වලට, ඒ වගේම පොඩි පොඩි නිර්මාණ කිහිපයකට සම්බන්ද වුනා, වෙන ඉතින් විශේෂ දෙයක් නෑ, ගොඩක් සතුටෙන් නිදහසේ ජීවත් වෙනවා කාටවත් කරදරයක් නැතුව”

උපේක්ෂා කියෙන්නේ ලංකාවේ අංක එකට ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක් ඉතින් ඔයා ආස නැද්ද ඔයාගේ දුවත් ලංකාවේ ඉන්න දක්ෂ නිලියක් කරන්න ”මෙමෙ මේ ක්‍ෂේත්‍රයට ආව විදිය කවුරුවත් දන්නේ නෑ, දන්නවනේ ඉතින් මේ ක්‍ෂේත්‍රයේ තියෙන ප්‍රශ්න, ඉතින් ඒ ප්‍රශ්න අතරේ තමයි මම අද මේ ඉන්න තැනට ඇවිත් තියෙන්නේ, මම මුලින්ම කරන්නේ මගේ දුවට හොඳට උගන්වන එක, එයාට උගත්කම දීලා තමයි එයාගේ කැමැත්තට ඉඩදෙන්නේ, මම ආසයි මගේ දුව කවදා හරි පුජා උමාශංකර් ජැක්ලින් වගේ නිලියක් වෙනවට, මම ඒ තැනට එන්න උත්සහ කරන්නේ නෑ, කරලත් නෑ, හැබැයි මම මගේ දුව ඒ වගේ තැනකට එනවට ගොඩක් ආසයි,”

උපේක්ෂට ජීවිතේ වැරදුනාද..? ”ඔව් මට මගේ ජීවිතේ තැන් දෙකක වැරදුනා, මගේ පලවෙනි විවාහය අසාර්ථක වුනා, ඊටපස්සේ මම බැන්දේ මල්ලි කෙනෙක්, දැන් එයත් නෑ, උපේක්ෂා ස්වර්ණමාලි කියන චරිතයේ ජීවිතය දෙපාරක්ම විනාස වුනා, කඩාකප්පල් වුනා, ඉතින් එහෙම වෙලා ඉතිරිවෙලා තියෙන ටික තමයි මම මේ ඇදගෙන යන්නේ, මගේ තරුණ කාලය සම්පුර්ණයෙන්ම අපතේ ගියා, මට හිතාගන්න බැරි විදියට ඒක කණපිට හැරවුනා, මම මට පුළුවන් දේවල් කලේ නෑ, මම කලේ අනවශ්‍ය දේවල්, දැන් ඒ ගැන මම පසුතැවෙනවා”

දුව ගැන මොකද හිතෙන්නේ ”දෙයියනේ එයාට තාම වයස අවුරුදු පහයි, ඇත්තම කියනවනම් මම බලාපොරොත්තු උනාට වඩා එයා මට ආදරේ දෙනවා, අපි පෙම්වතෙක් එක්ක ඉද්දී හැම වෙලාවේම අපි බලාපොරොත්තු වෙන්නේ පෙම්වතා තමයි අපිට ගොඩක්ම ආදරේ වෙන්නේ කියලනේ හැබැයි ඒ හැමදේකටම වඩා මට දරුවන්ගෙන් ආදරේ ලැබෙනවා, ඉදිරියේදී මොනවා වෙයිද දන්නේ නෑ, හැබැයි දුව තාත්තට වඩා මට ආදරෙයි කියල මට දැනෙනවා”

මෙන්න බලන්න තවත් පුවත්