හරිම අහම්බයකින් අපේ කලා ක්ශේෂ්ත්‍රයට ඇවිත් මීට වසර ගණනාවකට පෙර අපි ආදරයෙන්ම නරඹපු ටෙලිනාට්‍යයක් තුලින් අපි ඉතාම ආදරය කරපු රංගන ශිල්පියෙක් තමයි ගිවන්ත අර්ථසාද් කියන්නේ. එදා ජීවිතය ලස්සනයි ටෙලිනාට්‍යයේ ධනංජනාගේ පෙම්වතා එනකම් අපේ ආලින්දයට එනකම් අපි බලන් හිටියා. ඒ තරමටම ආදරය කරපු ඒ සොදුරු රංගන් ශිල්පියා අද වන විට වැඩිය පුංචි තිරය හරහා බලා ගන්නට නොහැකි වුණත් ඔහු කලා ක්ශේෂ්ත්‍රයට පිවිසුණේ හරිම අහම්බයකින්. ඒ අහම්බය ගැන ගිවන්ත කිව්වේ මේ විදියටයි.

” මම නලුවෙක් වෙන්න හිතාගෙන හිටපු කෙනෙක් නෙමෙයි. මම වයස අවුරුදු 17දී KFC එකේ වැඩට ගියා. ඔහොම වැඩ කරගෙන කාලයක් ගියාම මම කැෂියර් එකේ වැඩ කලේ. දවසක් නෝනලා දෙන්නෙක් ඇවිත් කිව්වා ගිවන්ත ඔයාට එන්න බැරිද ස්ක්‍රීන් ටෙස්ට් එකක. අපි ඔයා වගේ කෙනෙක් හොයනවා කියලා. මම හරියටම දන්නෙ නෑ මොකද්ද මේ කියන්නෙ කියලා නමුත් මට හිතුනා මොකකට හරි වෙන්න ඇති කියලා. ඊට පස්සේ කිව්වා ඔයාව කැප්චර් කරගත්තට කමක් නැද්ද කියලා.

පත්තරේක ඇඩ්වර්ටීස්මන්ට් එකකට. මම ඇහුවා කීයක් දෙනවද කියලා. ඊට පස්සෙ කිව්වා 8000ක් 9000 ක් වගේ කියලා. ඒ කාලේ මගේ පඩියත් රුපියල් 4000 යි. මම කැමති වුණා. ස්ක්‍රීන් ටෙස්ට් එකට ගියාම සිලෙක්ට් වුනොත් දන්වලා එවන්නම් කිව්වා. කොහොමහරි මාව සිලෙක්ට් වෙලා ඒක කරලා මට චෙක් එකක් හම්බුනා. මට ඉතින් මාර හැපී.’’

මේ විදියට කලාවට එකතු වුණු ගිවන්ත සදහන් කරන ආකාරයට ඔහුට තවමත් සැබෑ ආදරයක් ලැබිලා නෑ කියලයි ඔහු කියන්නේ. ඔහු විවාහ වෙලා පුතෙක් ලැබිලා කාලයක් යනවිට ඔවුන්ගේ අදහස් නොගැලපීම් එක්ක එම විවාහයට සමු දෙන්න සිදු වෙනවා. ඇයට ඇගේ පවුලෙන් ඇති වෙන බලපෑම් හෝ නිසා කොහොම හරි අපි දෙන්නා ඩිවෝස් වුණා. බැදීම් කියන දේ ලග තියාගෙන ඉන්නෙ නැති කෙනෙක් තමයි ගිවන්ත කියන්නේ. ඔවුන් අවුරුදු 10ක් එකට ඉදලා තමයි මේ විදියට වෙන් වෙන්නේ. ඉතින් ඒ ඔහුගේ විවාහය ගැන ගිවන්ත එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

” මග තොටදී හමුවෙලා යාලු වුණාම මගේ බාහිර ස්වරූපයට හරි මොකේට හරි එයාලගෙ ගෙදරින් මට අකමැතිවුණා. ඊට පස්සේ එයා අපේ ගෙදර ඇවිත් නැවතුනා. මමත් ඕකේ වුණා. අපේ ගෙදරිනුත් අවුලක් තිබුණෙ නෑ. ඉතින් අපි හොරෙන්ම කසාද බැදලා සතුටින් ජීවත් වුණා. ඔහොම කාලයක් යනකොට පුතා ලැබුණා. ඒ කාලෙනම් ඉතාම සුන්දර කාලයක්. ඊටපස්සේ එයාලගෙ පවුලෙන් ආපු බලපෑමක්ද දන්නෙ නෑ එයාක් කිව්වා අපේ අදහස් ගැලපෙන්නෙ නැති නිසා ඩිවෝස් වෙමු කියල. ඊට පස්සේ මම කැමතිවුණා. මොකද බැදීම් ලග තියාගන්න කෙනෙක් නෙමෙයි මම.”

පැරණි පුවත්

ඔය වගේ උන් ඔය ක්ෂේත්‍රයේ කොහොමත් 3,4 එක්ක නිදාගන්න එක සාමාන්‍ය දෙයක් -මනීෂා චංචලා ඇවිස්සෙයි

රංගන ශිල්පිනියක විදියට හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන්න සුන්දර ගායන ශිල්පිනියක් තමයි මනීෂා චංචලා කියන්නේ, ඒ වගේම මේ වනවිට කළා ලෝකයට නැතුවම බැරි රංගන ශිල්පිනියක විදියටත් මනීෂා හඳුන්වන්න පුළුවන්, ඉතින් අපි අද කතා අකරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝම ගොඩක් ආදරේ කරන මනීෂා සමග, මනීෂා මොකද වෙන්නේ මේ දවස්ව ”මේ දවස්වල බාරගත්ත නිර්මාණ කිහිපයක වැඩ කරගෙන යනවා, ඒ වගේම මම තව පොඩි පොඩි වැඩ ටිකක් කරගෙන යනවා, ඒ වගේම පෞද්ගලික ජීවිතයේ පොඩි පොඩි වැඩ ටිකකුත් තියෙනවා, ඒවත් කරගෙන ඉන්නවා”

මනීෂා නිතරම පේන්න ඉන්නේ නෑ, ඉතින් අපිට කියන්නකෝ කොහොමද ඔයා නිර්මාණයක් තෝරාබේරා ගන්නේ ”මම රංගනය තුල සීමාවක් ඇතුලේ වැඩ කරන කෙනෙක්, සාමාන්‍යයෙන් නිර්මාණයක් තෝර ගන්න කලින් මම ඒ නිර්මාණය ගැන ගොඩක් හිතනවා, ඒ වගේම ඒ නිර්මාණයේ අධ්‍යක්ෂක කවුද කියලත් බලනවා, මම රඟපාන්නේ මගේ පරාසය ඇතුලේ, එහෙම නැති නිර්මාණ මම බාරගන්නේ නෑ,”

අපි දකිනවා ඔයා ගොඩක් වෙළඳ දැන්වීම්වල පෙනී ඉන්නවා, ඉතින් ඒ දැන්වීම් හරහා හඳුන්වාදෙන දේවල් ගැන ඔයා ජනතාවට වගකියනවද..? ”මෙහෙමයි මම ආවට ගියාට වෙළඳ දැන්වීම්වල රඟපාන්නේ නෑ, මම සාමාන්යෙන් කරන්නේ මම හඳුන්වාදෙන බාන්ඩ ගැන ගොඩක් හොයලා බලන එක, මොකද මම කිසිම වෙලාවක වැරදි දෙයක් සමාජයට දෙන්නේ නෑ,”

ඉතින් මේ විදියට හැමෝගෙම ආදරේ දිනාගන්න සමත්වුණ මනීෂා, මේ දවස්වල හැමෝගෙම අවදානය දිනාගන්න සමත්වෙලා තියෙනවා, ඒකට හේතුව තමයි මනීශාගේ අලුත් ආදරය, මනීෂා කලින් යාළුවෙලා හිටියේ කළිඳු කරුණාරත්න සමග, කොහොම වුනත් මේ වනවිට ඒ ආදර කතාව් අවසන් වෙලා, දැන් මනීෂා තවත් පෙම්වතෙක් හොයාගෙන, ඔහු ජනප්‍රිය නළුවෙක්, කොහොම වුනත් මනීෂට පහුගිය දවසක ආව මැසේජ් එකක් නිසා ඇයට ටිකක් තරහා ගිහින්, ඉතින් ඒ මැසේජ් එකේ තිබ්බේ මේ වගේ කතාවක් ”තමුන් ගැන ලැජ්ජා වෙන්න. මොකද හලෝ ජීවිතය ටෙලිනාට්‍ය එකක දෙකක රඟපාල දෙරණ වගේ දෙකයි පනහේ චැනල් එකකින් පොඩ්ඩක් පිම්බුවම වැඩිය උඩ යන්න එපා. කළිඳු කියන්නේ අහිංසක මනුස්සයෙක්. තමුසෙ වගේ උන් ඔය ක්ෂේත්‍රයේ කොහොමත් 3,4 එක්ක නිදාගන්න එක සාමාන්‍ය දෙයක්” කියලා,

ඉතින් මේ මැසේජ් එකට මනීෂා දීලා තියෙන්නේ මේ වගේ පිළිතුරක් ”ඔබට අවශ්‍ය වූ අවධානය ලැබුණා සාර්ථකයි. තවත් උවමනා නම් ඔබේ කසාද බඳින වයසෙ ඉන්න සහෝදරියක් ඔහුට කසාද බන්දලා දෙන්න අනිවාර්යෙන්ම උණ හොඳ වෙයි” කියලා, ඒ වගේම මනීෂා ඇයට ලැබුන මැසේජ් එකේ ස්ක්‍රීන්ෂෝට් එකක් ඇයගේ සමාජ ජාලා ගිණුමට එකතු කරලා තිබ්බා, ඉතින් මේ ගැන ඔයාට හිතෙන්නේ මොකද්ද..?

මෙන්න බලන්න තවත් පුවත්