පිළියන්දල පොලිස් වසමේ පැලැන්වත්ත ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයෙකු විසින් තරුණියක් පැහැරගෙන ගොස් තිබෙන බව වාර්තා වේ. ඊයේ (15) අදාළ සිදුවීම සම්බන්ධයෙන් පිළියන්දල පොලීසියට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

පැහැරගැනීම සිදුකළ සැකකරු මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි නාවික හමුදා සෙබළෙකු වන විවාහක පුද්ගලයෙක් බවත් සැකකරු විසින් පැහැරගත් තරුණිය සමග ප්‍රේම සබඳතාවයක් පවත්වා ඇති අතර, පසුව එය මාස 6කට පමණ පෙර නවතා දමා ඇති බවත් විමර්ශනවලදී හෙළිව තිබේ..

ඒ සම්බන්ධයෙන් සැකකරු පැහැරගත් තරුණියට අවස්ථා ගණනාවක දී තර්ජනය කර ඇති බව ද පොලිස් විමර්ශනවලදී හෙළිව තිබේ. කෙසේවෙතත් පැහැරගැනීම සම්බන්ධයෙන් පිළියන්දල පොලීසිය විමර්ශන සිදුකරයි.

මෙන්න බලන්න තවත් පුවත්