රංගන ශිල්පිනියන් අතරින් සුන්දරම වගේම දක්ෂතම රංගන ශිල්පිනියක් තමයි නදීෂා හේමමාලි කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ ඔයාලා හැමෝගෙම ආදරේ දිනාගෙන ඉන නදීෂා එක්ක ටිකක් කතා කරන්න, ඉතින් නදීෂා මොනවද අලුත් වැඩ කටයුතු ”STAR GAZER තමයි මේ වසරේ කරන්න සුදානම් වෙන අලුත්ම වැඩේ, ඒ වගේම මම මගේම කියලා ව්‍යාපාරයක් ආරම්භ කළා, එකේ නම KOYAL ඔන්ලි සාරි විකුණන බිස්නස් එකක්, ඒ වැඩවලටත් මේ දවස්වල ගොඩක් කාර්යබහුල වෙලා ඉන්නේ, ඉතින් රංගන කටයුතු වගේම ව්‍යාපාර කටයුතුත් බැලන්ස් එකේ කරගෙන යන්න තමයි මේ අවුරුද්දේ බලාපොරොත්තු වෙන්නේ”

නදීෂා ටෙලිනාට්‍ය තෝරාගන්නේ බොහොම අඩුවෙන් ඇයි ඒ..?

”මෙහෙමයි මම ගොඩක් නිර්මාණ තෝරාගන්නේ ගොඩක් තෝරලා බේරලා, මම මුලින්ම කරන්නේ පිටපත් හොඳට කියවන එක, ඒ වගේම හොඳ අධ්‍යක්ෂකවරෙක් කරන දෙයක් නම් මම ඒ නිර්මාණය බාරගන්නවා, හැබැයි දැන් මේක ගොඩක් වෙලාවට මාෆියාවක් වෙලා තියෙන්නේ, අපෙන් නාට්‍ය පටන් අරගෙන පලවෙනි කොටස් පහ හය පෙන්නලා ඊට පස්සේ අලුතෙන් එන ළමයි දාලා මිල අඩුවට වැඩේ ඇදගෙන යනවා, දැන් කිසිම නාට්‍යක සම්පූර්ණ පිටපත මුලින්ම ලැබෙන්නේ නෑ, පලවෙනි කොටස් 50-60ක් පෙන්නලා තමයි පිටපතක් හදන්නේ, අන්තිමේදී පටන් ගත්ත තැනින් නෙවෙයි කතාව ඉවර වෙන්නේ”

ඔබ නිෂ්පාදිකාවක් විදියටත් කාලයක් කටයුතු කළා දැන් ඒ දේවල් නතර කරලද..?

”දැන් චැනල්වලින් කළා කරුවන් වෙන් කරගෙන ඉන්නවා, ඉතින් අපි නිර්මාණයක් කරද්දී එක එක චැනල් වලින් කියනවා මෙයා ඕන නෑ එයා අයින් කරලා ඒ වෙනුවට මෙයාව ගන්න කියලා අනවශ්‍ය බලපෑම් කරනවා, ඒ වගේම නිර්මාණවල absolute ownership එක ඒ අය ගන්නවා එතකොට අපිට බොහොම අඩු මුදලක් තමයි ලැබෙන්නේ, ඉතින් අපි ගෙවන පඩිත් අඩුවෙනවා, එහෙම වුනාම රංගන ශිල්පියන් අපේ නිර්මාණවලට සම්බන්ද වෙන්නේ නෑ, ඉතින් දැන් නිර්මාණ කරුවන් විදියට අපිට දැන් නිෂ්පාධනයක් කරන්න බැරි වෙලා ඉන්නේ”

නදීෂා ඔයා කලින් චෝදනාවක් කරලා තිබ්බා සම්මුඛ සාකච්ඡාවල දී කියන දේ නෙවෙයි පුවත් පත්වල දාන්නේ කියලා, ඒ චෝදනාව ඇත්තද..?

ඇත්තටම ඔව්, මම හිතන්නේ ඒක මාධ්‍ය සදාචාරයට ගැලපෙන්නේ නැති දෙයක් කියලා, මේ කාලේ සමාජ මාධ්‍ය ඉතාම දියුණු කාලයක්, අපිට අපේ අදහස් ඕනෑම වෙලාවක පලකරන්න පුළුවන්, එහෙම තිබිලත් අද අපි කියන දේවල් වෙනස් කරලා අවදානය දිනාගන්න වෙනස් කරලා පලකරනවානම් ඒක වැරදි වැඩක්, අපිට ආත්ම ගරුත්වයක් කියලා දෙයක් තියෙනවා, මම නිතරම ආත්ම අභිමානය ගැන හිතන කෙනෙක්, මට විතරක් නෙවෙයි ඒ වැඩ නිසා ඕනෑම ප්‍රසිද්ධ චරිතයකගේ චරිත හානියකට ලක්වෙන්න පුළුවන් ඒ දේවල් වලට මම කැමති නෑ”

පැරණි පුවත්

මේ දිනවල අපේ රටේ ඉතාම ජනප්‍රිය සමාජ මාධ්‍ය ඔස්සේ අතිශයින් කතා බහට ලක්වෙන සුරූපී සුන්දර තරුණියක් ගැන තමයි අපි මේ කියන්න යන්නේ. ඉතින් ඇය ලංකාවේ ඉපදුනත් දැන්නම් වසර ගණනාවක් තිස්සේ ජීවත් වෙන්න කොරියාවේ. ඉතින් පහුගිය දවසක Manju with south korea යූ ටියුබ් නාලිකාව මෙහෙයවන මංජු මේ සුරූපී තරුණියත් එක්ක එකතු වෙලා කොරියාවේ ඉදන් කරපු වැඩසටහනකට පස්සේ තමයි ඇය ගැන අපේ රටේ මේ විදිහට කතා බහ කරන්න පටන් ගත්තේ.

ඉතින් අපේ රටේ බොහෝ දෙනෙක් මේ වෙද්දී පිස්සු හැදිලා වගේ ආදරේ කරන මේ සුරූපී සුන්දර තරුණිය තමයි අයේෂ්මා ශෝමේන් කියලා කියන්නේ. ඉතින් මේ සුරූපී තරුණියගේ වයස අවුරුදු 24යි. ඒ වගේම ඇය මේ වනවිට ලංකාව අතහැරලා කොරියාවට ගිහින් අවුරුදු 16ක් වෙනවා. ඉතින් ඇයට වයස අවුරුදු 8ක් වගේ වෙද්දී තමයි ඇය කොරියාවේ පදිංචියට ගිහින් තියෙන්නේ.

ඒ වගේම ඇය කොරියාවට ගිහින් තියෙන්නේ තනියම නම් නෙවෙයි. ඇයගේ අම්මයි තාත්තයි එක්ක තමයි ඇය එහි පදිංචියට ගිහින් තියෙන්නේ. ඉතින් ඇය කොරියාවට යද්දී කොරියන් භාෂාව ගැන කිසිම දැනුමක් නැති වුනත් ඇය එහි පාසල් යන්න පටන් අරගෙන මාස 3ක් වගේ යද්දී ඇයට කොරියන් භාෂාව ඉගෙන ගන්න පුළුවන් වුණා කියලත් ඇය කියනවා.

ඒ වගේම ඇය ඉංග්‍රීසි ගුරුවරියක් වෙන්න ආසාවෙන් හිටියත් කොරියාවේ ඉංග්‍රීසි ප්‍රධාන භාෂාවක් නොවන නිසා වගේම ඇය වෙන රටකින් ආපු කෙනෙක් නිසා ඇයට එම රැකියාව ලැබුනේ නැහැ කියලයි අයේෂ්මා කියන්නේ. හැබැයි දැන් ඇය ඇයගේ යූ ටියුබ් නාලිකාව හරහා කොරියන් භාෂාව හසුරවන විදිහ ගැන පැහැදිලි කරමින් වැඩසටන් ඉදිරිපත් කරනවා.

ඉතින් ඒ වගේම ඇයට කොරියාවේ ජීවත් වෙද්දී මාසෙකට ලංකාවේ මුදලින් රුපියක් ලක්ෂ 8ක් පමණ වියදම් වෙනවා කියලත් ඇය කියනවා. හැබැයි ඇය පාට්ටයිම් ජොබ් දෙකක් කරන නිසා ඒ මුදල ඇයට තනිවම හොයා ගන්න පුළුවන් කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය අදටත් කොරියාවේ ජීවත් වුනාට ලංකාවේ කෑම වලට ගොඩක් ආසයිලු. නමුත් ලංකාවේ සංස්කෘතියට එච්චර කැමති නැහැ කියලයි ඇය නම් පවසන්නේ. ඉතින් මේ දිනවල අපේ රටේ අතිශයින් කතා බහට ලක්වෙන මේ සුරූපී සුන්දර තරුණියගේ ආදැරණීය ඡායාරූප කිහිපයක් තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

මෙන්න බලන්න තවත් පුවත්