මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ අතිශයින් කතා බහට ලක්වෙන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි දමිත්‍රි සුබසිංහ කියලා කියන්නේ. ඉතින් දෙරණ නාලිකාවේ ඔස්‌ස විකාශනය වන ඉස්කෝලේ ටෙලිනාට්‍ය හරහාත් ඇය මේ දිනවල ප්‍රේක්ෂකයින් හමුවට එනවා. ඒ වගේම ඇය රංගන ශිල්පිනියකට අමතරව දැන්නම් දක්ෂ නර්ථන ශිල්පිනියක් විදිහටත් ඉතාම ජනප්‍රියයි.

ඉතින් ඇය කළා ක්ෂේත්‍රයට එකතුවෙන්න අවස්ථාව උදා කරගන්නේ 2019 දෙරණ අවුරුදු කුමරිය ලෙසින් කිරුල දිනා ගැනීමත් සමඟයි. කොහොම නමුත් මේ දිනවල ඇය ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අතිශයින් කතා බහට ලක්වෙන්නේ පහුගිය දවසක කළා තරු පිරිවරාගෙන ජයටම ගත්ත ඇයගේ විවාහ උත්සවය නිසයි.

ඉතින් මේ විදිහට සුබ මොහොතින් ඇයගේ අතගත් කඩවසම් තරුණයා තමයි කේසර කියලා කියන්නේ. ඒ වගේම දමිත්‍රි කළා ක්ෂේත්‍රයට එන්න කලින් බැංකුවක තමයි රැකියාව කලේ. ඉතින් ඇයගේ ආදරණීය සැමියා කේසර කියලා කියන්නෙත් බැංකු ක්ෂේත්‍රයේ වැඩ කරන කෙනෙක්. ඉතින් මේ දෙන්නා කාලෙකට කලින් එකම බැංකුවේ වැඩ කරද්දී කාලයක් හොඳම යාළුවො වගේ ඉඳලා තමයි පස්සේ ආදරය කරන්න පටන් අරගෙන තියෙන්නේ.

ඒ වගේම 2021 සිරස අවුරුදු කුමරා තරඟයේ දෙවැනි ස්ථානය දිනා ගැනීමටත් දමිත්‍රිගේ ආදරණීය සැමියා කේසරට වාසනාව හිමි වුණා. කොහොම නමුත් ඊට පස්සේ කේසරටත් රංගනයට ආරාධනා ලැබුණත් ඔහු කැමති වෙලා තියෙන්නේ බැංකු ක්ෂේත්‍රයේම රැකියාව කරන්න.

කොහොම නමුත් පහුගිය දවසක කේසර දමිත්‍රිවත් පුදුම කරමින් ප්‍රේමනීය විදිහට දමිත්‍රිට විවාහ යෝජනාව සිදු කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් ඒ ගැන තොරතුරු වගේම මේ දෙන්නාගේ සුන්දර විවාහයේ තොරතුරුත් මිට පෙර අපි ඔබ වෙත අරගෙන ආවත් ඔබට මතක ඇති.

ඉතින් ඒ වගේම මේ ආදරණීය යුවල පහුගිය දවසක ඔවුන්ගේ විවාහයට කලින් කහ ගාලා ඉන්දියානු චාරිත්‍රානුකූලව විවාහය පවත්වලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ ආදරණීය සුන්දර අවස්ථාවේ ලබාගත්ත වීඩියෝවක් ද දමිත්‍රි ඇයගේ යූ ටියුබ් නාලිකාවට මේ වෙද්දී එකතු කරලා තියෙනවා.

ඉතින් මේ විදිහට මේ ආදරණීය යුවල ඉන්දියානු චාරිත්‍රානුකූලව සිදුකල අපූරු විවාහ උත්සවයේදී ලබාගත්ත සුන්දර ඡායාරූප කිහිපයක් තමයි අපි මේ විදිහට ඔබ වෙත අරගෙන එන්නට හිතුවේ.

ඉතින් මේ විදිහට පහුගිය දවසක විවාහ දිවියට එලඹුනු දමිත්‍රිටත් ඇයගේ ආදරණීය සැමියා කේසරටත් අපිත් හදවතින්ම සුබ පැතුම් එකතු කරන ගමන් මේ ආදරණීය යුවලගේ ඉදිරි විවාහ ජීවිතය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලත් හදවතින්ම ප්‍රාර්ථනා කරමු.

පැරණි පුවත්

මම කඩාගන්නේ නැතුව මේ ක්‍ෂේත්‍රයේ ඉස්සරහට යනවා – සුරඟනක් වගේ හැඩකාර දුනේෂා

පහුගිය කාලයේ ලංකාවේ හැමෝම ගොඩක් ආසාවෙන් නරඹපු ටෙලිනාට්‍යක් තමයි නාඩගම්කාරයෝ කියන්නේ, මේ වනවිට නාඩගම්කාරයෝ නාට්‍ය විකාශනය වෙලා අවසන්, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ හැමෝම ආදරේ කරපු නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ කාගේත් ආදරේ දිනාගන්න සමත්වුණ ටීනක්කි සමග, දුනේෂා ඔයා පහුගිය කාලේ ගොඩක් ජනප්‍රිය වුනා, මොකද දැන් පේන්න නැත්තේ රංගනය එපා වෙලාද ”අනේ නැහැ මම මේ දවස්වල මගේ අධ්යාපනයට් මුල් තැන දීලා තියෙන්නේ ඒ නිසා මම ලැබෙන නිර්මාණ බාරගත්තේ නෑ, මේ වැඩ ඉවර වුනාට පස්සේ ආයෙමත් රංගනයට සම්බන්ද වෙනවා”

දුනේෂා මොනවද ඉගනගන්නේ ”මම මේ දවස්වල ෆාමසි කෝස් එකක් කරනවා, ඉතින් මම අනාගතයේදී ඒ පැත්තට යොමුවෙන්න හිතාගෙන ඉන්නේ, හැබැයි රංගන යකියන්නේ මගේ ජීවිතේ වගේ, ඒක මගේ ඇඟේම තියෙන දෙයක්, ඒ නිසා මම කීයටවත් රංගනයෙන් ඈත් වෙන්නේ නෑ, මගේ පොඩි කාලේ ඉඳලම ලොකු ටාගට් එකක් තිබ්බා ඩොක්ටර් කෙනෙක් වෙන්න, හැබැයි ඒ හීනෙට යන්න මට ලකුණු මදි වුනා, ඒ නිසා මම ෆාමසි කොස් එකක් කරලා නාගතයේ බෙහෙත් නිෂ්පාධනය කරන්න කැමැත්තෙන් ඉන්නවා, හැබැයි මොන දේ කලත් මම රංගනය අත්හරින්නේ නෑ,”

දුනේෂා කොහොමද රංගනයට පිවිසෙන්නේ ”මම මුලින්ම එන්නේ 2016 වසරේ ස්වාධීන රූපවාහිනියේ අවුරුදු කුමරි තරඟය හරහා, එකෙන් මම අවසන් වටයට තේරෙනවා, 2017 වසරේත් ඒ තරඟයෙන් මම අවසන් වටයට තේරෙනවා, හැබැයි 2018 වසරේදී මම තුන්වෙනි තැන ලබා ගන්නවා, 2018 වර්ෂයේ මිස් ඩයමන්ඩ් ක්වීන් ලෙස අභිෂේක ලබනවා, 2019 වසරේදී රීජන්සි ක්වීන් වෙනවා එහෙම තමයි මම මේ ක්‍ෂේත්‍රයට සම්බන්ද වෙන්නේ,

පැජන්ට් වලින් දිනුවට අවුරුදු කුමරිය තරඟ වලින් දිනන්න බැරි වුනා නේද..? මෙහෙමයි නේ අවුරුදු කුමරිය තරඟයේදී බලන්නේ ලස්සන විතරයි, හැබැයි නිරූපිකාව විදියට පැජන්ට් එකකට ගියාම ඊටවඩා ගොඩක් දේවල් බලනවා, එතන මූනේ ලස්සන විතරක් මදි ඇඟේ හැඩය වගේම තව තව දේවල් ගොඩක් බලනවා, ඒකට බොහෝ කුසලතා තියෙන්න ඕන.”

රංගන ක්‍ෂේත්‍රයේදී ප්‍රශ්න ඇවිත් නැද්ද..? ”අම්මෝ ඕන තරම් ප්‍රශ්න ඇවිත් තියෙනවා, එක එක අයගේ පෞද්ගලික ප්‍රශ්න අරගෙන ඇවිත් අපට දාලා බුලි කරලා තියෙනවා, තැනකට යන්න හදද්දී එක එක කටකතා හදලා පලටම ඇදලා දැම්ම අයත් ඉන්නවා, හමයි මම විශ්වාස කරලා හිත කඩාගන්නේ ගන්නේ නැතුව ඉස්සරහට යනවා, මගේ මේ ගමන පිටිපස්සේ ඉන්නේ මගේ අම්මා, අවුරුදු කුමාරි තරගවලට ඉල්ලුම් කළෙත් එයාමයි. තාත්තගෙත් අකැමැත්තක් නැහැ. ඒ නිසා මට බයක් නෑ”

මෙන්න බලන්න තවත් පුවත්