කලා ලෝකය තුළ ආධුනික රංගන ශිල්පිනියක් විදිහට කලාවට ඇවිල්ලා බොහෝ දෙනෙක්ගේ හදවත දිනා ගත්ත සුන්දර කලාකාරියක් තමයි සචිනි දිල්හාරා කියන්නේ. රංගන ශිල්පිනියක් විදිහට ඇයව ගොඩක් දෙනෙක් දැක බලා ගන්නටත් කලින් ඉඳන්ම සචනි දක්ෂ නර්තන ශිල්පිනියක් විදිහටත් වැඩ කටයුතු කරලා තියෙනවා. ඇය විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන ගමන් ඉන්න කෙනෙක්. ඒ නිසා අධ්‍යාපන වැඩ කටයුතු වගේම කලා කටයුතුත් සමබරව විදිහට කරගෙන යන්න නිරන්තරයෙන්ම සචිනි උත්සහ දරනවා.

මේ දින වල අලුතෙන් විකාශය වෙන්න පටන් ගත්තු මැස්සා ටෙලි නාට්‍යය හරි අපූරු චරිතයකි නුත් ඇය ප්‍රේක්ෂකයන් හමුවට ආවා. සචිනි සඳහන් කරන විදිහට ඇය පුංචි කාලේ ඉඳලම හැදී වැඩෙන්නේ අම්මා ගාව. මොකද තාත්තයි අම්මයි වෙන්වෙලා ජීවත් වුණු නිසා ඇයට තාත්තගේ ආදරයක් සෙනෙහසක් පුංචි කාලේ ඉඳන්ම ලැබෙන්නේ නැහැ. ඒ නිසා නොයෙකුත් බාධක ප්‍රශ්න ගැටලු හමුවේ ජීවිතය දිනන්න තමයි ඇයට සිදු වුණේ.

නමුත් අම්මගෙ උත්සහය සහ කැපකිරීම නිසා අයියා සහ ඇය අද වෙද්දි ජීවිතයේ හොඳම තැනක ඉන්නව කියලත් සචිනි සඳහන් කරනවා. සචනි කියන්නේ මේ වෙද්දී සරසවි අධ්‍යාපනයත් එක්ක මනෝ විද්‍යාව පැත්තෙන් අධ්‍යාපන කටයුතු හදාරන කෙනෙක්. ඇය ජීවිතයේ එක්තරා අවස්ථාවකදී කොයිතරම් මනෝවිද්‍යාව පිළිබඳව දැනගෙන හිටියත් විශාදය කියන රෝගී තත්ත්වයට මුහුණ දෙනවා.

ඒ ඇගේ රටක් දන්න ආදරණීය පෙම්වතා ප්‍රේම සම්බන්ධතාවයට නැවතීමේ තිත තබපු නිසයි. ගොඩක් අය සචිනිගෙ මේ ලව් හුට පටේ ගැන දන්නවා .සචිනි ආදරේ කරන්න පටන් ගත්තෙ ලවන් අභිෂේක්ට. එහෙමත් නැත්නම් සංගීතය ටෙලි නාට්‍යයේ මහිඋ

කියන පුද්ගලයාට තමයි ඇය ආදරය කළේ. කෙසේ නමුත් ඔවුන් දෙදෙනාම මේ වෙද්දි වෙන්වෙලා ජීවත් වෙනවා. ඒ ආදරණීය කතාවෙන් වෙන් උනාට පස්සේ සචිනිට හිත හදාගන්න එකපාර බැරි වුණා. ඒ හේතු මත තමයි ඈ විශාදය කියන රෝගී තත්ත්වයට ලක් වෙලා රෝහල්ගත පවා වෙලා ප්‍රතිකාර ලබා ගත්තේ. කෙසේ නමුත් අද වෙද්දී ජීවිතයේ බොහෝ වෙලාවට තේරුම් අරගෙන ජීවත් වෙන්න සචිනි උත්සාහ දරන කෙනෙක්.

ඉතින් පසුගිය දවසක ඇය ජීවත් වන විදිය සහ රටාව පිළිබඳව එක්තරා යූටියුබ් වැඩසටහනට සචිනි අදහස් හුවමාරු කරගත්තා. ඇය එහිදී කිව්වේ ඒ ආදරණීය ආදරයත් එක්ක තිබ්බ මතක සටහන් තාමත් ඇයගේ හදවතේ තියෙනවා කියන දේ. ඒ වගේම තමයි බොහෝ රංගන ශිල්පීන් ශිල්පිනියන් විවිධ සාද වලදී මධුවිත පානය කරන්නත් අමතක කරන්නේ නැහැ. ඒ සම්බන්ධයෙන් සචිනිත් විවෘතව අදහස් දැක්වූවා මෙන්න මේ විදියට.

“මම ලොකුවට බොන්නේ නැහැ. ඒ කියන්නේ බිලා තියෙනවා පාර්ටිස් වලට ගියාම.මම ගොඩක් ගන්නෙ koktel තමයි. දැන්නම් ලොකුවට එහෙම කරන්නේ නෑ ඒකත් මම ලිමිට් කරලා තියෙන්නේ. මොකද මම පොඩ්ඩක් ආගමික පැත්තට ගිහින් තියෙන නිසා මම එහෙම ලොකුවට බොනවා අඩුයි දැන්. මාස එකහමාරකට සැරයක් වගේ තමයි මම දැන් එහෙම කරන්නේ.”

ඉතින් රංගන ශිල්පිනියක් විදිහට විවෘතව ඇය කරන කියන දේවල් පිළිබඳව සචිනි කිව්වේ වගේ කතාවක්. ඉතින් ඇගේ ඉදිරි රංගන කටයුතු සහ ඉදිරි ජීවිතය දිනෙන් දිනම සාර්ථක වේවා කියා අපි හදවතින්ම සුභ පැතුම් එක්කරන්නෙමු.

පැරණි පුවත්

මට කොල්ලෙක් මුලින්ම ආදරෙයි කිව්වේ 7 වසරෙදි.ඒ වෙලාවේ ඇගේ කරන්ට් එකක් වැදුනා වගෙ මොකක්ද එකක් උනා

පුංචි තිරය ඔස්සේ නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි සචිනි දිල්හාරා කියලා කියන්නේ. ඉතින් රංගනයට වගේම නර්තනයටත් ඇය ඉතාම දක්ෂ බව දැන්නම් අපේ රටේ හැමෝම වගේ දන්නවා. ඉතින් මේ සුරූපී නිලි සචිනි පහුගිය දවසක යූ ටියුබ් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ ආදරය ගැන වගේම ඇය බලාපොරොත්තු වෙන කෙනා ගැනත් කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය ඉස්කෝලේ යන කාලේදී ඇය 7 වසරේ ඉගෙන ගනිද්දී තමයි ඇයට මුලින්ම කොල්ලෙක් ආදරෙයි කියලා තියෙන්නේ. ඉතින් ඒ පොඩි කාලේ ඒක මාරම දෙයක් කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වෙලාවේ ඇයගේ ඇඟ ඇතුලෙන් කරන්ට් එකක් යනවා වගේලු ඇයට දැනුනේ. හැබැයි ඒ කාලේ ආදරේට කරාට ලොකු වැරද්දක් කරනවා වගේ හිතට දැනුනා කියලත් සචිනි කියනවා.

ඒ වගේම ඇයගේ පලවෙනි පෙම්වතයි ඇයයි තවමත් හොඳම යහළුවෝ වගේලු ඉන්නේ. ඉතින් ඔහුට දැන් වෙන පෙම්වතියක් ඉන්න නිසා ඔහු ළඟදීම විවාහ වෙන්න බලාගෙන ඉන්නවා කියලත් ඇය කියනවා. ඒ වගේම සචිනි කියන්නේ ආදරේට ගොඩක් ආදරය කරන කෙනෙක් කියලත් ඇය කියනවා. ඒ වගේම කවදා හරි ඇයගේ පෙම්වතා වෙන කෙනා මත්පැන් පොඩ්ඩක් බිවුවයි කියලා ඇය ඔහුට විරුද්ධ වෙන්නේ නැහැ කියලයි සචිනි කියන්නේ.

මොකද කෙනක් බොන පලියට ඔහු නරක කෙනෙක් නොවන නිසා. ඉතින් සීමාවක් ඇතිව විනෝදෙට හරි යාලුවෝ එක්ක හරි කිසිම කෙනෙකුට හානියක් නැතුව ඒ දේවල් කලාට ඇයට කමක් නැහැ කියලයි සචිනි නම් කියන්නේ.

ඉතින් ඒ වගේම ඔහුගේ රස්සාව මොකක් වුනත් ඔහු අනාගතය ගැන හිතන උත්සහවන්ත කෙනෙක් වෙන්න ඕන කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

මෙන්න බලන්න තවත් පුවත්