කළා ක්‍ෂේත්‍රයට ඇවිත් බොහොම පොඩි කාලයකින් හැමෝගෙම ආදරය දිනාගන්න සමත්වුණ දක්ෂ රංගන ශිපිනියක් තමයි එමාෂා කියන්නේ, ඉතින් අපි අද කතා කරන්න සූදානම් වෙන්නේ කාගේත් ආදරේ දිනාගෙන ඉන්න එමාෂා සමග,

එමාෂා පහුගිය නත්තල් අවුරුදු දවස් ටික එහෙම කොහොමද..?

”වෙනදට වැඩිය මෙදා සැරේ කලාකරුවන් එක්ක වැඩසටහන් ගොඩකට සම්බන්ද වෙන්න අවස්තාව ලැබුනා, පහුගිය කාලය සහෝදර කළා ශිල්පීන් එක්ක සතුටින් ගතකලා, ඇත්තටම ඒක ගොඩක් සුන්දර අත්දැකීමක්, ඒ වගේම ලොකු නිවාඩුවක් ලැබුන නිසා පවුලේ අයත් එක්කත් සතුටින් කාලය ගතකලා,”

2023 මොනවද අලුත් ප්ලෑන්..?

”මම රංගනයෙන් දායක වෙන දැනට විකාශනය වෙන ටෙලිනාට්‍ය දෙකක් තියෙනවා, එකක් සිරස නාලිකාවේ විකාශනය වන හිතලඟ හිනැහුනා ටෙලි නාට්‍ය, නිත් එක ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනයවන ‘අයිස්’ ටෙලි ද්‍රාමා එක, ඒක සතියෙන දවස් පහේම විකාශනය වෙනවා, ඊට අමතරව 2023නේ අලුත් ප්ලෑන් මොනවත් නෑ, ජීවිතේ එන විදියකට ලස්සනට මුහුණ දීලා සතුටින් ඉන්නවා, මම කොහොමත් වැඩ ගොඩක් බදාගෙන කරන කෙනෙක් නෙවෙයි නිතරම සැහැල්ලුවෙන් ඉන්න උත්සහ කරන කෙනෙක්”

එමාෂා ආදරය දකින්නේ කොහොමද..?

”හැමදාම වගේම මට ආදරේ කරන මගේ පවුලේ අය මගේ වටා ඉන්නවා, ආදරේ කියන දේ තුල අපි අවංක වෙන්න ඕන, ඒක හදවතින්ම කරන්න ඕන දෙයක්, ආදරෙදී අපි නිතරම පරාර්ථකාමී වෙන්න ඕන, ඒ වගේම ඉරිසියා කරන්න හොඳ නෑ, විශේෂයෙන්ම විශ්වාසය කියන දේ තියෙන්න ඕන, එහෙම නැතුව ආදරයක් ශක්තිමත් වෙන්නේ නෑ කියලයි මම හිතන්නේ”

එමාෂා විවාහය ගැන මොකද හිතන්නේ..?

විවාහය කියන්නේ සෙල්ලම් දෙයක් නෙවෙයි විවාහය කියන්නේ දෙන්නෙක්ගේ ජීවිතේ ගන්නා ලොකු තාරණයක්, ජීවිතේ ඉදිරි කාලය තීරණය වෙන්නේ ඒ සහකාරයා හෝ සහකාරිය මත, ඒ නිසා නිතරම ජීවිතේට හොඳම කෙනා ලන්කරගන්න බලන්න ඕන, ඒක කලබල වෙන්නේ නැතුව බුද්ධිමත්ව ගන්න ඕන තීරණයක් ඒක, මමනම් කියන්නේ දෙන්නා අතර අවබෝදයක් නැත්තන් විවාහ වෙන හොඳ නෑ, මොකද එහෙම වුනොත් වෙන්නේ කාලයක් ගිහින් ඩිවෝස් වෙන්න මමනම් ආදරේ කලත් හොඳ අවබෝදයක් නැත්නම් ඒ කෙනා එක්ක විවාහ වෙන්නේ නෑ, එයා මගෙ ජීවිතෙන් හෙමිහිට ඈත් කරලා දානවා”

පැරණි පුවත්

Girl Friendට මේ ලක්ශණ තියනව නම් කීයටවත් කසාද බදින්න එපා

කසාද බදිනවා කියන්නෙ ජීවිතේ ඉදිරිය ගැන අපි ගන්න ලොකුම තීරණය.බදින්න කලින් තේරුනේ නෑ කියල ගොඩාක් අය කිව්වත් බදින්න කලින් පේන අඩුපාඩු ඉදිරියේ අන්ධ වෙලා ඉදීම තමයි බොහෝ අයට සිදු වෙලා තියන්නෙ.

සැක කරන කෙනෙක් නම් වෙන්න එපා

බොහෝ කාන්තාවන් තමන්ගෙ සැමියා සැක කරනව. සැකය මානසික රෝගයක්. ජීවත අපායවල් කරලා ආදරේ එපා කරන්න සැකයට පුළුවන්. විවාහ උනාම සැක නොකර ඉදී කියල හිතුවත් කාර්යාල තුලට හොරෙන් කඩා පනින, සැමියා ඇසුරු කරන අය ඉදිරියේ සැමියා ලැජ්ජා කරන්න පවා මේ සැක කරන බිරින්දෑවරු පසුබට වෙන්නෑ.

ඔබේ සිහින ඇගේ සිහින

මේ වෙද්දි ගැහැණු පිරිමි දෙපාර්ශවයම තමන්ගෙ ජීවිත වල අධ්‍යාපන , වෘත්තීය , සිහින හඹා යනවා. ඉස්සර වගේ සැමියාගේ සිහින පමණක් ඉටු කරගෙන තමන්ගෙ සිහින මරා දාන්න බොහෝ යුවතියන් සූදානම් නෑ . ඇයට ඔබේ සිහිනයට උදව් කරන්න බැරි වෙන්න පුළුවන් .ඇය වෙනම සිහිනයක් දකිමින් ඒ සිහිනය ඉටු කරගන්න වෙහෙසෙනව වෙන්න පුළුවන් .ඒක කිසිම ගැටලුවක් නෑ . නමුත් ඇය ඔබේ සිහින අවතක්සේරු කරමින් හාස්‍යට ලක් කරමින් හැසිරෙනව නම් එබදු යුවතියක් සමග දිවිය එතරම් සුන්දර වන්නෙ නෑ.

කොයිවෙලේත් මූණ එල්ලං ඉන්න කෙල්ලො

සැමදෙයක්ම 100% ක් සර්ව සම්පූර්ණ වෙන්න ඕනි කියල බලාපොරොත්තු වෙන සහකාරියක් එක්ක මැරෙනකම් ජීවත් වෙන එක ලොකු දඩුවමක්. කොයි දේ කරන්න ගියත් මදිපාඩු අඩුපාඩු කිය කිය කෙදිරි ගාන, නිතරම නැති දෙයක් අඩු දෙයක් ගැනම පැමිණිලි කර කර බුම්මන් ඉන්න ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් එක්ක ජීවිතේ විදින්න නම් කවදාවත් වෙන්නෙ නෑ. ඔබෙන් ලැබෙන කිසිම දේකින් ඇය සෑහීමකට පත් වෙන්නෙ නෑ.

Update නැති

විවාහයට යුවතියක් තෝරා ගන්නව කියන්නේ එතනදි ඔබ තෝරා ගන්නේ බිරිදක් පමනක් නෙවෙයි . ඔබේ දරුවන්ගේ අම්මා වීමට සුදුසුකම් තියන කෙනාවත් ඔබ ඒ සමගම තෝරා ගන්නව . ඉතින් කිසිම දෙයක් ගැන දැනුමක් නැති , මූලික ජීවන නිපුනතා ගැන අවබෝධයක් නැති , කිසිදු ශිල්පයක් නොදන්නා, දැනුම සොයා යාමට අකමැති කෙනෙක් කීයටවත් ඔබේ දරුවන්ගේ මව වීමට සුදුසු නෑ. ඇය රැකියාවක් කලත් නොකලත් දැනුම සොයා යන කෙනෙක් වීම අනිවාර්යයෙන් විය යුතුයි.

ස්වාධීන නැති බිරිදක්

ඉස්සර කාලෙදි නම් ගෙදර වෙලා සැමියා නැන්දම්මා මාමන්ඩි නෑනල ඔක්කොටම ඔලුව නවාගෙන කුස්සියට වෙලා කාලේ ගෙවන කෙනෙක් බිරිද කර ගන්න පිරිමි කැමති උනත් මේ වෙද්දි ලෝකෙ යන රටාව එක්ක ජීවිතේ දියුණුවට කැමති පිරිමි සොයන්නේ ස්වාධීන කාන්තාවක්. ආර්ථික අතින් සමාජීය අතින් ස්වාධීන ශක්‍තිමත් බිරිදක් ඔබේ දියුණුව වේගවත් කරනව සහ ස්ථාවර කරනවා. ස්වාධීන බවක් නැති තීරණ ගන්න බැරි කෙනෙක් ජීවිතේට ගන්න එක දියුණුව අඩාල කරන තීරණයක්.

මෙන්න බලන්න තවත් පුවත්