මීට වසර 40කට පමණ පෙර සිය රූමත් නැගණිය අතවර කර මරා දැමූ පොලිස් නිලධාරියෙක් ඇතුලු පාපතරයින් රැසකගෙන් පලිය ගැනීමට ඔවුන් සොයාගෙන ගොස් මරාදැමූ පුද්ගලයෙකු සම්බන්ධයෙන් ඇතැම් විට ඔබ මීට පෙර අසන්නට ඇත. ඔහු නමින් ‘‘හිතුමතේ ජීවිතේ‘‘ වේ.

බටුගහගේ දොන් සුමතිපාලයි යන නම් වූ ඔහුව මුළු රටම හඳුනන්නේ “හිතුමතේ ජීවිතේ” නමින්.

සිය නැගණිය ට කරදර කළ පාපතරයින්ගෙන් පලියගත් “හිතුමුතේ ජීවිතේ” අවස්ථා 4කදී එල්ලුම් ගසට නියම වුවත් ඔහු නිදහස ලබා නැවත පැමිණ දැහැමි ජීවිතයක් ගතකරමින් සිටියා.

ඔහු මිය ගොස් ඇති බවටයි තොරතුරු වාර්තා වෙන්නේ. පැපිලියාන ප්‍රදේශයේ පදිංචිව සිටි ඔහු පසුගිය මාස කිහිපය තුල අසනීප තත්වයෙන් පසු වී තිබෙනවා. කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු ජිවිතයෙන් සමුගත් බවයි අපට දැනගන්නට ලැබෙන්නේ

ඔහු කාත් කවුරුර්ත් නැතුව තනිව ජිවත් වී තිබෙනවා. ඔහුගේ මෘත ශරීරය බාරගැනිමටවත් කිසිවෙකුත් ඉදිරිපත් වී නැති බවයි අපට වැඩි දුරටත් දැනගන්නට ලැබෙන්නේ

එම වීඩියෝව පහතින්

මෙන්න බලන්න තවත් පුවත්