පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලද තොරතුරක් අනුව ඊයේ (13) මොරටුව කිලෝවියස් මාවත, මොරටුවැල්ල ප්‍රදේශයේ  සිදුකළ වැටලීමක දී හෙරොයින් තොගයක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගත් පොලීසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 38 හැවිරිදි මොරටුව ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 20යි මිලිග්‍රෑම් 600 ක් හමුවී ඇති අතර දුරකථනයක් සහ රුපියල් ලක්ෂයකට අධික මුදලක් ද පොලීසිය සොයාගෙන තිබෙන අතර පොලීසිය සිදුකළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ මෙම කාන්තාව, මහ පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන මේ වන විට විදේශගතව සිටින සලිඳු මල්ෂිත ගුණරත්න නොහොත් “පානදුර කුඩු සලිඳු” නැමැත්තාගේ සහයිකාවක් බවය.

සැකකාරිය පානදුර හා මොරටුව ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරම හසුරවන බව හෙළි වී තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්