පසුගිය මහ මැතිවරණයේ පොලිස් රාජකාරි වෙනුවෙන් ගෙවිය යුතු මුදල් තවමත් ලැබී නොමැති බැවින් පළාත් පාලන මැතිවරණයේ රාජකාරි වෙනුවෙන් පොලිස් නිලධාරීන් යෙදවීමේ අපහසුතාවක් පවතින බව පොලිස්පති චන්දන වික්‍රමරත්න මැතිවරණ කොමිසමේ සභාපතිවරයා හා කොමසාරිස් ජනරාල් හමුවේ සඳහන් කර තිබෙන බව වාර්තා වෙයි.

ඒ හේතුවෙන් පොලිස් දෙපාර්තමේන්තුව මූල්‍ය ගැටලුවකට මැදිව සිටින බව පෙන්වා දුන් ඔහු පළාත් පාලන මැතිවරණ රාජකාරි ආරම්භ වීමට ප්‍රථම ඉකුත් මැතිවරණයේදී පොලිසිය වෙත හිමිවිය යුතු මුදල ප්‍රතිපූර්ණය කරන ලෙස මැතිවරණ කොමිසමෙන් ඉල්ලීමක් කර ඇති අතර මැතිවරණ කොමිසමේ සභාපතිවරයාගේ කැඳවීමකට අනුව එහි ගිය පොලිස්පතිවරයා මෙය ගමේ ඡන්දයක් බැවින් විවිධ කණ්ඩායම් අතර ගැටුම් ඇතිවුවහොත් ඒ වෙනුවෙන් විශේෂ කාර්ය බළකාය කැඳවීමට පවා සිදුවිය හැකි බව ත් පාලනය කරගත නොහැකි තැන් පැමිණියහොත් හමුදාව කැඳවිය හැකි බව ත් මැතිවරණ කොමිසම හමුවේ කියා සිටී.

වික්‍රමරත්න මහතා මේ බව සඳහන් කළේ පළාත් පාලන මැතිවරණයේ ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම වෙනුවෙන් මැතිවරණ කොමිෂන් සභාවේදී ඉකුත් බදාදා (11) පැවති සාකච්ඡාවකදී.

මැතිවරණයේදී පොලිසියට පැවරෙන නීති විරෝධී පෝස්ටර්, දැන්වීම්, කටවුට් හා බැනර් ඉවත් කිරීමේ රාජකාරීන් පොලිසිය කුලී කම්කරුවන් යොදා සිදුකරේ. කම්කරුවන්ට කරන ගෙවීම් පොලිසිය ප්‍රථමයෙන් ලබා දෙන අතර පසුව මැතිවරණ කොමිසම එම මුදල් පොලිසියට ලබා දෙයි.

පොලිසිය මැතිවරණ රාජකාරිවල නිරත වීම අමතර රාජකාරියක් වන බැවින් ඊට ලබාදෙන විශේෂ ගෙවීම් මැතිවරණ කාර්යාලය හරහා පොලිසිය වෙත ලබා දෙයි.

source – mawbima

www.newsmania.lk

මෙන්න බලන්න තවත් පුවත්