ඊයේ (13) රාත්‍රියේ බොරැල්ල, සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණයේදී තියුණු ආයුධයකින් පහරදි කාන්තාවක් ඝාතනය කර තිබේ. ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි කාන්තාවකි. පවුල් ආරවුලක් හේතුවෙන් සැමියා විසින් බිරිඳට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇති බව පොලීසිය පවසයි.

ඝාතනය සිදුකළ පුද්ගලයා ද එම මහල් නිවාස සංකීර්ණයේ තුන්වන මහලේ සිට බිමට පැන ඇති අතර බරපතළ තුවාල ලැබූ ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. මියගිය කාන්තාවගේ මෘත ශරිරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය අද (14) සිදුකිරීමට නියමිත අතර බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඊයේ (13) රාත්‍රියේ බොරැල්ල, සර්පන්ටයින් මහල් නිවාස සංකීර්ණයේදී තියුණු ආයුධයකින් පහරදි කාන්තාවක් ඝාතනය කර තිබේ. මියගිය කාන්තාවගේ මෘත ශරිරය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය අද (14) සිදුකිරීමට නියමිත අතර බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

මෙන්න බලන්න තවත් පුවත්