පුද්ගලයන් 60 දෙනකුට මරු කැඳවිය හැකි විස ප්‍රමාණයක් එක්වර මුදාහරින අතිභයානක සර්පයකු ඔස්ට්‍රේලියාවේ නිව්සවුත්වේල්ස් ප්‍රාන්තයේ උරග උද්‍යානයෙන් සොයාගත් බව එරට මාධ්‍ය වාර්තා කළේය.

‘ෂාසා’ නමින් හඳුන්වනු ලබන එම විශේෂිත සර්පයා නාග රැජනකි.

ඌ උරග උද්‍යානයේ වැඩි අවධානය දිනා සිටින අතර, උද්‍යානයේ මෙහෙයුම් කළමනාකරු වන බිලී කොලෙට් ප්‍රකාශ කර ඇත්තේ තමා ෂාසා හඳුන්වනු ලබන්නේ ‘මරණ එකතු කරන්නිය ලෙසින් බවය.

කිරී දීම සඳහා පර්යේෂණාගාරයට රැගෙන ගිය ෂාසාගේ නවතම පරීක්ෂණයේදී එක් වරකට ඌ මිලිග්‍රෑම් 270ක උග්‍ර විස ප්‍රමාණයක් මුදා හරින බව සොයා ගෙන ඇති අතර, එය වැඩිහිටි පුද්ගලයන් 60 දෙනකුට දිවි අහිමි කිරීමට ප්‍රමාණවත් බව බිලී ප්‍රකාශ කර තිබේ.

උරග උද්‍යානයේ සර්පයන්ට කිරි පෙවීමේදී වරින් වර මෙවැනි පරීක්ෂණ සිදු කරන අතර, මීට පෙර වාර්තා වී ඇති වරකට වැඩිම විස ප්‍රමාණයක් මුදා හරිනු ලැබූ සර්පයාගේ විස ප්‍රමාණය මිලිග්‍රෑම් 160ක් පමණක් බව ද බිලී කොලෙට් සඳහන් කර තිබේ.

නිව්සවුත්වේල්ස් උරග උද්‍යානය විස එක්රැස් කරගැනීම සඳහා සර්පයන්ට කිරි පොවන ලොව එකම උරග උද්‍යානය වන අතර, ෂාසා වරකට නිකුත් කරන විස ප්‍රමාණය ලෝක වාර්තාවක් විය හැකි බව ද බිලී ප්‍රකාශ කර ඇත.

ඉහළ සෞඛ්‍ය තත්ත්වයකින් පසුවන ෂාසාගේ දිග සෙන්ටිමීටර් 102ක් වන අතර, ඌ බරින් කිලෝග්‍රෑම් 1.41ක් වන බවත් වාර්තා වේ.

නිව්සවුත්වේල්ස් උරග උද්‍යානය ලොව පුරා ප්‍රතිවිස නිෂ්පාදනය සඳහා සර්පයන් රැක බලා ගන්නා ස්ථානයක් වන අතර, ලොව ඉතාමත් භයානක විස සහිත සර්ප විශේෂ 5ක විස එක්රැස් කරමින් වාර්ෂිකව සර්පයන් දෂ්ඨ කළ පුද්ගලයන් සිය ගණනාවගේ ජීවිත බේරා ගැනීම සඳහා එහි ප්‍රතිවිස නිෂ්පාදනය කෙරේ.

දිනමිණ

මෙන්න බලන්න තවත් පුවත්