අහුංගල්ල පොලිස් වසමේ වැලිකන්ද ප්‍රදේශයේ කරවල වියලිමේ මධ්‍යස්ථානයක ඉඩමේ කෙසෙල් පඳුරක් යට සඟවා තිබු ක්ලේමෝ බෝම්බයක් අද (13) සවස සොයා ගත් බව ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාරයාලය පවසයි.

තංගල්ල මුලස්ථාන මුලස්ථාන පොලිස් පරික්ෂක ජයවික්‍රම මහතාට ලැබුන තොරතුරක් අනුව මෙම බෝම්බය සොයාගෙන ඇත.

ඉදිරිපස සතුරාට යනුවෙන් සඳහන් කර ඇති මෙම ක්ලේමෝ බෝම්බය සොයා ගන්නා අවස්ථාවේ එම ස්ථානයේ කිසිවෙකුත් සිට නැත.

මෙම බෝම්බයේ අයිතිකරු බවට හඳුනා ගෙන ඇති කරවල වියලිමේ මධ්‍යස්ථානයේ හිමිකරු වන බෙන්තොට සිංහරූපගම පදිංචි පුද්ගලයා මේ වනවිට විදේශ ගතව ඇති බව අනාවරණයවි ඇති බවද පොලිසිය පවසයි.

සැකකරු සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ සුජි යන අයගේ ගෝලයෙකු බවටත් අනාවරණයවි ඇත

ඩී.ජී.සුගතපාල සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

මෙන්න බලන්න තවත් පුවත්