දේශපාලන රැස්වීමක් අතරතුර හදිසියේ හෘදයාබාධයකට ලක්ව මියගිය හිටපු බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකරන ලෙස ඒ මහතා බිරිඳ වන චන්ද්‍රිකා ප්‍රියංගනී කුරේ මහත්මිය ඉල්ලා සිටියාය.

මරණය සම්බන්ධයෙන් කළුතර ශීක්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක එස්.ඒ.කුමසාරු මහතා ඉදිරියේ අද පැවතී හදිසි මරණ පරීක්ෂණයේදී ඇය එසේ ඉල්ලා සිටියාය.

කුරේ මහත්මියට ප්‍රථම සාක්කිදුන් රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් ජේ.එම්. සෝමසිරි මහතාගේ සාක්කියෙන් පසු ඇය එසේ ඉල්ලා සිටියය.

වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී ගෙවිදු කුමාරතුංග මහතා ඇතුළු සිව්දෙනෙකු සමග ඇතිවූ උණුසුම් වචන හුවමාරුවකින් පසු අසනීපවූ බව ජේ.එම්. සෝමසිරි මහාතා සාක්කි ලබාදෙමින් කියා සිටියේය.

ඒ අනුව කළුතර ශීක්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක එස්.ඒ. කුමසාරු මහතා පශ්චාත් මරණ පරීක්ෂණයක් සදහා යොමුකල අතර, කළුතර ශීක්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී ශ්‍රියන්ත අමරරත්න මහතා ගේ මෙහෙයවීමෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත බව රෝහල් ප්‍රකාශයකයෙක් පැවසීය .

මෙන්න බලන්න තවත් පුවත්