හිටපු අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ අභාවප්‍රාප්ත වී තිබේ. ඊයේ (ජන. 12) රාත්‍රී වාද්දුව ප්‍රදේශයේ දේශපාලන රැස්වීමට සහභාගි වී සිටියදී ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර ඇති හිටපු ඇමතිවරයා එහිදී අභාවප්‍රාප්ත වී ඇත. මිය යන විට ඒ මහතා 74 වන වියේ පසු විය.

කැබිනට් හා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙස ද උතුරු පළාතේ ආණ්ඩුකාරවරයෙකු ලෙසත් කටයුතු කළ ඔහු ගුරුවරයෙකු ලෙසත් බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍යවරයෙකු ලෙසත් පසුකාලීනව ජාතික රූපවාහිනී සංස්ථාවේ සභාපතිවරයා ලෙසත් ඔහු කටයුතු කොට තිබේ.

ඊයේ නිදහස් ජනතා සන්ධානයේ කළුතර දිස්ත්‍රික් නාම යෝජනා කමිටුව සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් නායකයා ලෙස සහභාගි වී සිට ඇති ඔහු එහිදී ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් අනතුරුව සිය දිවියෙන් සමුගෙන තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්