වින්ද්‍යා වෙන්කියුලැන්බර්ග් කියන නමට වඩා ඇයගේ රූපය තමයි බොහෝ දෙනෙකුට හුරු පුරුදු. ඉතින් ඇය අපේ රටේ හිටපු දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පිනියක් බව තවමත් බොහෝ දෙනෙකුට මතකයි. කොහොම නමුත් විවාහයෙන් පසු ඕස්ට්‍රේලියාවට පදිංචියට ගිය ඇයව දැන් නම් රංගනයෙන් දකින්න ලැබෙන්නේ නැහැ.

ඉතින් ඒ වගේම සුන්දර බිරිඳක් වගේම පුංචි පුතෙක්ට ආදරණීය මවක් වන ඇය මේ වෙද්දී හිතේ හයියෙන් සුදූ ජාතිකයන් එක්ක හැප්පෙමින් වෙනස්ම රැකියාවක නිරත වෙනවා. ඉතින් ඒ තමයි කායවර්ධන උපදේශීකාවක් විදිහට. ඉතින් පිට රටක එවැනි වෙනස් වූ කරන ඇය විවාහ වුනේ ලක්මාල් ජයසුන්දර කියන ලාංකික තරුණයා සමඟයි.

ඉතින් ඇය දැන් ඕස්ට්‍රේලියාවට ගිහින් අවුරුදු හයකට වැඩියි. නමුත් ඇයගේ සැමියා නම් එහෙට ඇවිත් අවුරුදු 14ක් විතර වෙනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඔවුන් දැන් එහෙ ගෙවන ජීවිතේ හරිම සුන්දරයි කියලත් ඇය කියනවා. ඒ වගේම ඇය දැන් නම් ලංකාවෙන් ගිය එක ගැන සතුටු වෙනවාලු. මොකද දැන් ලංකාවේ තියෙන තත්ත්වයත් එක්ක. ඉතින් ඒක ආර්ත්මාර්ථකාමි හැඟිමක් වුණත් ඇත්ත ඒක තමයි කියලයි ඇය කියන්නේ. කොහොම නමුත් එහෙ ඉදලා ඇය පුළුවන් විදිහට උදව් කරනවාලු ලංකාවේ හිතවතුන්ට.

ඉතින් රංගනය පැත්තකින් තියලා විදෙස් ගත වෙන්න හිතපු එක ඒ දවස්වල ඇය ගත්ත හොඳම තීරණය කියලත් ඇය කියනවා. ඒ වගේම නිළියක් වුණා කියලා ඇය ලොකුවට මංගල්‍යය ගත්තෙත් නැහැ. විවාහය ලියාපදිංචි කරලා පොඩි පාටියක් ගත්තා විතරයි. ඉතින් හඳහන් බැලුවෙත් නැහැ, වෙලාවල් බැලුවෙත් නැහැලු ඔවුන් දෙන්නම ඕවා විශ්වාස කරන්නෙ නැති නිසා. ඉතින් ඔවුන්ට හිතුණ දවසේ බැන්දා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම ඇය ඉස්සර ඉදලා කොහොමත් මහත වුනාට බබා ලැබුණම ඊටත් වඩා මහත් වුණා කියලයි ඇය කියන්නේ. ඇයගේ බර කිලෝ 80 ක් වුනාලු. ඉතින් ජිමි ගියාට පස්සේ තමයිලු ඇයට කායවර්ධන උපදේශීකාවක් වෙන්න අදහස ආවේ. ඒ වගේම ඇයගේ සැමියා ඇයට කියලා තියෙන්නේ ඔයාට පහසු නම් නිරුවතින් ගියත් ඔහුට කමක් නැහැ කියලාලු. ඉතින් කොහොමත් ඇය ඇයට හොඳයි කියලා හිතෙන දේ කරනවා කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇයගේ ශරීරයේ දැන් ටැටු හතරක් තියෙනවා කියලයි ඇය අවසාන වශයෙන් පැවසුවේ.

මෙන්න බලන්න තවත් පුවත්