නිරූපන ක්ශේෂ්ත්‍රය තුළ ඉන්න කැපී පෙනෙන චරිතයක් විදියට ගොඩක් දෙනෙක් ආදරය කරන කෙනෙක් තමයි පියුමි හංසමාලි කියන්නේ. තමන්ගේ ජීවිතේ ඉතාම සැහැල්ලුවෙන් සහ සතුටින් ගෙවන පියුමිට ප්‍රේක්ෂකයන් බොහෝ ප්‍රමාණයක් ඉන්නවා. ඇය බලාගෙන ඇගේ දවසින් දවස් වෙනස් වන විලාසිතාවන් අනුගමනය කරන සෑහෙන ප්‍රේක්ෂකයන් සමූහයක් ඇය වටේ ඉන්නවා.

දැන් නම් කොහොමත් පෙම්වතා සහ පුතා එක්ක සතුටින් කල් ගෙවන පියුමි හංසමාලී කියන්නේ සමාජ මාධ්‍යයේ කතා බහට ලක්වෙන අංක එකේ චරිතයක්. ඇය මොන අදහස ඉදිරිපත් කලත් ඒහැමදේකටම ප්‍රේක්ෂකයාගේ ආකර්ෂණය සහ අවධානය යොමු වෙනවා. ඉතින් ඉතාම සුරූපිනියක් විදියට ඉන්න පියුමි තම පුතාට ආදරණීය මවක්. ඇය මවක් වුණත් ඇගේ ලස්සන ශරීරය මැනවින් මේන්ටේන් කරගෙන යනවා. ඉතින් ඇය කියන්නේ ඇයට ගොඩක් බනින්නේ ඉරිසියා කරන අය කියලයි. ඉතින් ඇගේ ශරීරය මේන්ටේන් කරගන්න ආකාරය ගැන ඇය මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.


” මම බය නැතුව කියනවා මම මේ විදියට ඇග හදාගෙන තියෙන්නේ ජිම් ගිහින් කියලා. ඒ වගේම පැය ගාණක් ජිම් එකේ මහන්සි වෙලා ඇග ලස්සනට හදාගෙන ඒ ලස්සන පේන්න නැතුව දිග ගවුමක් ඇදලා වැඩක් නෑනේ. මම ඇග පේන්න අදින එකට ගොඩක් කට්ටිය එක එක දේවල් කියනවා.

මට එහෙම නරක කමෙන්ට් දාන්නේ ජීවිතේ විදින්නැති ඉරිසියාකාර කට්ටිය. ඕන තරම් පිටරටවල ශරීරය හදාගන්න පුලුවන් තැන් තියෙනවා. ඉතින් සල්ලි තියෙයිනම් ඕනම විදියට ලස්සනට ඇග හදාගන්න පුලුවන්. මම ජීවිතේ විදිනවට ගොඩක් ඉරිසියාකාර කට්ටිය තමයි මෙහෙම මට බනින්නේ.’’

නිරූපිකාවක් විදිහට ක්ෂේත්‍රය තුළ බොහෝ දෙනෙක්ගේ ආකර්ෂණය දිනාගෙන ඉන්න ලංකාවෙන් ජනප්‍රියතම කාන්තාවක් විදිහට පියුමිහංසමාලි කියන චරිතය හඳුන්වන්න පුළුවන්. ඇය අවුරුදු 18ක් වන ඉතාමත් පුංචි අවධියකදී තමා උතුම් මව් පදවිය ලබන්න වාසනාවන්ත උනේ.

ඉතින් ඒ ආදරණීය විවාහයෙන් ඇයට පුතෙක් ඉන්නවා. ඒ විවාහ ජීවිතයෙන් වෙන් වෙලා අද වන තුරු ම පියුමි මේ ආදරණීය පුතත් එක්ක තනිකඩ ජීවිතයක් තමයි ගත කළේ. නමුත් අවුරුදු කීපයකට කලින් ඇය ආදරේ කරපු පෙම්වතෙක් හිටියා ඉතින් ඔහු සමග පියුමි ජීවත් වුණා කියලත් සඳහන්.නමුත් පසුගිය දවස් දවස්වල ඇය මුහුණු පොත හරහා ආදරය පිළිබඳව විවිධ සංවේදී සටහන් එකතු කරලා තිබුණා ඒ හැම සටහනක ම කියැවුණේ ඇයට මේ පෙම්වතා ගෙන් වෙන් වෙන්න සිදු වුණා කියන දේ.

මෙන්න බලන්න තවත් පුවත්