පුංචි තිරයේ හැඩකාරියක් වගේම තම රූප සුන්දරත්වය එන්න එන්නම වැඩි දියුණු වෙන කෙනෙක් තමයි වත්සලා දියලගොඩ කියන්නේ.

මීට වසර ගණනාවකට එහා ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ජනප්‍රියම ටෙලිනාට්‍යයක් වන මුතු කිරිල්ලී ටෙලිනාට්‍යයේ නිරාශා විදියට වත්සලා අපි අතරට ආවා

ඇයගේ නැගණිය තමයි බුවිනි චාපා දියලගොඩ කියන්නේ. වත්සලා සහ බුවිනි දෙදෙනාම මේ වන විට විවාහකයි. ඉතින් බුවිනි ඉපදුන දවසේ වත්සලා දැක් වූ ප්‍රතිචාරය ගැන ඇය මේ විදියටයි රූපවාහිනී මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.

“මම ඉපදිලා අවුරුදු හයකට පස්සෙ තමයි නංගි ඉපදුනේ. එතකම් අම්මගේ පැත්තෙවත් තාත්තගේ පැත්තෙවත් කාටවත් බබාලා හිටියෙ නෑ. රැජින මමයි අපේ රාජ්‍යයේ කියලා හිටියා.

ඊට පස්සේ අවුරුදු හයකට පස්සෙ තමයි නංගි ආවේ. එයා මම වගේ හැඩරුව කටහඩ වුනාට මම වගේ නෙමෙයි චන්ඩියි. මම කැමැත්තෙන් හිටියෙ මල්ලි කෙනෙක්ට.

නමුත් එයාව දැක්කම මම ඉස්පිරිතාලේදි හැමෝටම ඇහෙන්න කිව්වා අපෝ එළදෙනෙක්නේ හම්බවෙලා තියෙන්නෙ කියලා.”

පැරණි පුවත්

අපි හැමදාමත් කතා කරන්නේ කලා ලෝකේ ඉන්න තරු ගැන නේ.ඒත් අද කතා කරන්න හිතුවේ මේ වෙනකොට සමාජ මාධ්‍ය ඔස්සේ ගොඩක් ජනප්‍රිය වෙලා ඉන්න අපේ රටේ ගොඩක් දෙනා ආදරය කරන ස්වාමීන් වහන්සේ නමක් ගැන කතා කරන්නයි. ඒ තමයි ඒ කොයි කවුරුත් දන්න කොටුවෙ පොඩි හාමුදුරුවෝ..

ඒකට හේතුව වෙන්නේ විහිළුවෙන් තහළුවෙන් ආකර්ෂණීය විදිහට බණ කියන නිසයි. කොහොම වුණත් සමාජ මාධ්‍ය ඔස්සේ මේ දිනවල දී කොටුවෙ පොඩි හාමුදුරුවොන්ට ලැබුණු bmw රථයක් ගැන නිරන්තරයෙන් කථාබහට ලක් කරනවා. උන්වහන්සේ එක්තරා කෝනාර ව්ලොග් වැඩසටහන සඳහා එක්වෙමින් අදහස් දක්වා සිටියේ මේ ආකාරයටයි. “මේ bmw එකක් නිසා මට දැන් මහා විනාසයක් තමයි වෙලා තියෙන්නෙ.

චොපර් එකක් බෑවත් මම ඒක බාර ගන්නවා.ඇයි මිනිස්සු මේ තරමටම කුහක වෙන්නේ.අනේපිඩු සිටුතුමා ජේතවනාරාමයට පූජා කළේ රන් කහවනු මුළු ඉඩමම පුරවමින්.මේකත් එකම එක වාහනයක් විතරයි.ලංකාවට මේක සුපිරිම රථයක් වුනාට ලෝකයෙ තියෙන්නේ දහ දොළොස් වැනි තැන. ඉතින් ඒක පූජාකළා එච්චරයි ඒකෙ තියෙන්නෙ ටයර් හතරයි එන්ජිමයි විතරයි.එහෙම හිතන්න. අපිට කෙනෙක්ට දෙන්න තියෙන්නේ නොමිලේම ආශිර්වාදය සහ හිනාව.මිනිස්සු ඒ දෙක දෙන්න තමයි ගොඩක්ම බය වෙන්නේත්

මට මෙලහකට රතගාය තියෙනවා නම් බණ වලට යන්නෙ එහෙම.මට එහෙම රථ ගායක් නෑ. ඒ වගේම තමයි කොටුවේ පන්සලට එන්න පුළුවන් වෙන්නේ දුප්පත් පොෂ් මිනිස්සුන්ට විතරයි.vip පෝෂ් නෙවෙයි. මේ පන්සලේ තියෙන ඇත්ත තත්ත්වය ගැන එක දවසක් හෙළි වුණා අම්මාගේ මරණය දවස් ටිකට.මගෙ අතින් එක රුපියලක් වියදම් කරන්න දුන්නේ නැහැ මිනිස්සු.

මල බත දුන්නේ වෑංජන විසි එකක් එක්ක. ඇයි මේ තරමට තරමටම කාර් එකකට මිනිස්සු ඉරිසියා කරන්නේ.මොකක්ද මේක මේ.කෝටි තුනක් ලක්ෂ 300ක්.

මොනවද මේ නහින්නේ.මේ පෝස්ට් එකක් ලියන්න කොයිතරම් පව් සිද්ද වෙනවද.මෙහෙම දෙයක් පූජා කරලා කියලා දැනගත්තට පස්සේ අනේ ඉතින් කොච්චර හොදද.අපිටත් මේ විදියට විදියට පින්කම් කරන්න වාසනාව ලැබේවා කියලයි හිතන්න ඕන.එහෙම අයට ඊළඟ ආත්මයේ ලැබෙන්නේ හෙලිකොප්ටර්.” ඉතින් මේ විදියට තමයි කොටුවෙ පොඩි හාමුදුරුවෝ අදහස් දක්වා තිබුනේ.

මෙන්න බලන්න තවත් පුවත්