සිරගෙදරදී ලද අත්දැකීම් ඇසුරෙන් තමා පොතක් රචනා කිරීමට බලාපොරොත්තු වන බව මූල්‍ය වංචා චෝදනාවලට ලක්ව ඇප ලබා සිටින තිළිණි ප්‍රියමාලි පවසයි. සාමාන්‍ය පරිදි දැන් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන බව ඇය වැඩිදුරටත් පවසයි.  ඇය මේ බව සඳහන් කළේ  මූල්‍ය වංචා නඩු 09 ක් සම්බන්ධයෙන් පෙනී සිටීම සඳහා අද පෙරවරුවේ ඇය අධිකරණයට පැමිණි අවස්ථාවේදී.

තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිනි තිළිණි ප්‍රියමාලි මූල්‍ය වංචා චෝදනා මත මාස දෙක හමාරකට වැඩි කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර තැබීමෙන් අනතුරුව පසුගිය 16 වැනිදා දැඩි ඇප කොන්දේසි මත මුදාහැරීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

සිරගෙදරදී ලද අත්දැකීම් ඇසුරෙන් තමා පොතක් රචනා කිරීමට බලාපොරොත්තු වන බව මූල්‍ය වංචා චෝදනාවලට ලක්ව ඇප ලබා සිටින තිළිණි ප්‍රියමාලි පවසයි. සාමාන්‍ය පරිදි දැන් ව්‍යාපාර කටයුතු පවත්වාගෙන යන බව ඇය වැඩිදුරටත් පවසයි.

මෙන්න බලන්න තවත් පුවත්