හංවැල්ල, දැඩිගමුව ප්‍රදේශයේදී  රුපියල් කෝටි දෙකකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය සහ හොරයින් මත්කුඩු සමග කාන්තාවක් අත්අඩංගුවට ගත් බව  බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය සඳහන් කරයි.  මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ නිලූ නැමැති කාන්තාවකි

අයිස් මත්ද්‍රව්‍ය ගෑම් 520 ක් හා  හොරයින් මත් කුඩු ගෑම් 202 ක්  විද්‍යුත් තරාදියක් , බැංකු පොත් තුනක් සැකකාරිය සන්තකයේ තිබී  පොලිසිය භාරයට ගෙන ඇති අතර හංවැල්ල ආපන ශාලා හිමිකරු ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව  පවත්වමින් සිටියදී එම ඝාතනය මෙහෙය වූ ඩුබායි රටේ සැඟවී සිටින ලලිත් කන්නංගර  නැමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ  සැකකාරිය සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.

ඒ අනුව සැකකාරිය පදිංචි නිවස කරා පැමිණෙමින් සිටියදී අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ගමන් බෑගය තුළ සඟවා තිබූ මත්ද්‍රව්‍ය  තොගය හමුවූ බව පොලිසිය සදහන් කරයි.  සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ  නිලධාරීන් පරීක්ෂණ පවත්වයි.

මෙන්න බලන්න තවත් පුවත්