ජනප්‍රිය ගායන ශිල්පී අතුල අධිකාරිගේ හිටපු බිරිඳ ජනප්‍රිය රංගන ශිල්පිනී අමායා අධිකාරි පසුගියදා සමාජ ජාලාවල ආන්දෝලනාත්මක සටහනක් පල කරලා තිබුනා.

ඇය මේ වෙද්දි අතුල අධිකාරිගෙන් වෙන් වී රියැලිටි වැඩසටහනකින් ක්ෂේත්‍රයට පැමිණි ජනප්‍රිය ගායකයෙක් වන හර්ෂ ධනෝජ් සමඟ විවාහ වී ඉන්නේ.

අමායා සමාජ ජාලාවල පළ කරලා තිබුණු මේ සටහන ඇය මීට වසරකට පෙර සටහන් කර තිබුණේ. ඇය එය නැවත පළ කරමින් මෙසේ කියලා තිබුණා.


කවුරුත් මට කන්න අදින්න දෙන්නේ නැත්නම් මන් අදින පළදින විදිහ ගෙදර අයට ප්‍රශ්නයක් නැත්නම් මන් අදින්නේ පලදින්නේ මන් හම්බ කරගත්තු දේවල් වලින් නම් කොටින්ම මන් කරන්නේ මට කැමති දේ නම් කාටවත් ඇයි වේදනා.පුහු අතුලාන්තයක් සහිත ජිවිතේ විදින්න දන්නේ නැති අබ්බගාත
චිත්ත අදින බහුතරයක් පිරිමි ඇත්තටම අප්පිරියයි.

කොල්ලෙක්නම් කොලුකම තියාගෙන අනුන්ගේ ඒවා හොයන්නේ නැතුව ඉන්නකෝ පිරිමියෙක් වගේ.ගැනුනම් තව කමක් නෑ.ගැහැනියකට වල කපන්නේ තවත් ගැහැනියක්මයි කියලා කතාවක් තියෙනවනේ.ඒ ගැනුකම කියලා හිත හදාගන්න පුළුවන්. ඇදුමකින්,හමේ පාටින්, ටැටූ එකකින් තව මනුස්සයෙක්ට ලේබල් එකක් ගහන්න කලින් දෙපාරක් හිතන්න තමන් ඉන්නේ කොතනද කියලා.

වැඩකට නැති චිත්තයක් වෙන්න එපා හිරිකිතයි.

මෙන්න බලන්න තවත් පුවත්