ආදර්ශා කරඳන අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් පවසයි. මහාචාර්ය ආශු මාරසිංහ සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ ඇයව පොලිස් පරිගණක අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඉකුත් වසරේ ඔක්තෝම්බර් මස විසි දෙවන දින, නිවසේ සුරතලයට ඇති කරන බලු පැටවෙකු සම්බන්ධයෙන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා තමන්ට අපහාස කළේ යැයි මහාචාර්ය අංශු මාරසිංහ විසින් ආදර්ශා කරඳන යන අයට එරෙහිව නොවැම්බර් මස 24 වන දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ලක් ගොනු කරනු ලැබ තිබුණ අතර ඉන් අනතුරුව ඇය අපේක්ෂිත ඇපයක් මත නිදහස් කරන ලෙසට අයැදුම් පතක් අධිකරණය හමුවේ ගොනු කර තිබුණි. එම ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් ඊයේ (ජන. 10) ප්‍රතික්ෂේප කොට තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්