ෂෙහානි කහදවල කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂම වගේම ජනප්රිය තාරුණ්යයේ ආකර්ෂණය වැඩිම නිළියක් කියලා කියන්න පුළුවන්.ඇය දවසින් දවස ලස්සන වෙන රූප සුන්දරියක්. ඇයගේ අලුතම විලාසිතා ප්රේක්ෂකයින් ආදරයෙන් වැලද ගත්තා කිවුවොත් නිවරදියි.ඇය ගැන ලංකාවේ නොදන්නා කෙනෙක් නැති තරම්.

ජනප්‍රිය නිරූපණ ශිල්පිණි ෂෙහානි කහඳවෙල සහ ජනප්‍රිය ගායක දසුන් මධුෂාන් විවාහ වූ බවට ඔවුන් දෙදෙනා විසින්ම සිය ඉන්ස්ට්‍රග්‍රෑම් ගිණුම් වල සටහනක් තබා තිබෙනවා.

ඔවුන් එහි සටහන් කොට ඇත්තේ ,” ලොවට හොරා බැඳි පෙම සෙනෙහස අද සැබෑ වෙලා” යනුවෙනුයි.

මේ ඇය පසුගිය දිනෙක ලබා දුන් සම්මුඛ සාකච්චාවක්

ආරාධනාවලට ගණන් උස්සපු අවස්ථා තියෙනවාද?
මම ගණන් උස්සන්නේ නැහැ. වැඩකට ආරාධනා කළාම පිටපත මොකක්ද කියලා මම බලනවා. සුහදව කතා කරනවා. ප්‍රතික්ෂේප කරපු නිර්මාණ තිබ්බට මම ඒවා ප්‍රතික්ෂේප කරන්නේ ඒ නිර්මාණවලට කැමැති නැති නිසා නෙවෙයි. සුජාතා නාට්‍ය කරන දවස්වල මට එක දිගට නාට්‍යවලට කතා කළා. ඒ අලුත් මුහුණක් නිසා. සුජාතා නාට්‍යයට මුල් තැන දෙන්න ඕන නිසා මට ඒ නිර්මාණ අතපසු වුණා. දින සම්බන්ධ ගැටලු නිසා තමයි ඒ වැඩ භාර නොගෙන ඉන්න වුණේ.

• සමහර නිළියෝ අඩු මුදලට වැඩ කරනවාලු. ෂෙහානි අඩු මුදලට වැඩ කරන කෙනෙක් නෙවෙයිද?
මම අඩු මුදලට වැඩ කරන්නේ නැහැ. මම ගොඩක් පොඩි තැනකින් ආපු කෙනෙක්. මම මගේ පාඩුවේ මගේ පසුබිම හදාගෙන ඉන්න කෙනෙක්. හැම වැඩකටම යන කෙනෙක් නෙමෙයි මම. හොඳ නිර්මාණයකට අසාධාරණයක් නොවන මිලක් මම කියනවා.

• ෂෙහානි තමන්ට ක්‍ෂේත්‍රයේ ලැබුණු තැන, ලැබෙන අවස්ථා ගැන තෘප්තිමත් වෙන කෙනෙක්ද?
මම තෘප්තිමත් නැහැ. එහෙම තෘප්තිමත් වෙන්න බැරි හේතු තියෙනවා. ලංකාව කියන්නේ පුංචි රටක්. අපේ රටේ නළු නිළියෝ පුංචි ප්‍රමාණයක් ඉන්නේ. පඳුරකට ගැහුවම නළු නිළියෝ දහදාහක් විතර විසික් වෙනවා කිව්වට දක්‍ෂයන්ගෙන් වැඩක් ගන්නේ කීයෙන් කීදෙනාද? මම 2013දී නිවේදිකාවක් ලෙස ක්‍ෂේත්‍රයට ආවේ. ඊට පස්සේ තමයි ටෙලි නාට්‍යවලට එකතු වුණේ.මගෙන් හරි ප්‍රයෝජනයක් ගත්තේ නෑ වගේ දැනුණා. මම විතරක් නෙවෙයි ගොඩක් අය මේ අසාධාරණයට ලක්වෙනවා. කරන දෙයින් එහාට යමක් කරන්න බොහෝ අය හිතන්නේ නැහැ. අපි සාර්ථක වෙන්න හරි අසාර්ථක වෙන්න හරි කරමින් ඉන්න දෙයට වෙනස් දෙයක් කරන්න ඕනේ. එතකොට තමයි අපිට ඉන්න තැනින් ඉස්සරහට යන්න පුළුවන් වෙන්නේ.

• ෂෙහානි ලංකාවෙන් පිටපනින්න උත්සාහ කරන කෙනෙක්ද?
මට විදේශ රටවල අවස්ථා ඕන තරම් ලැබිලා තියෙනවා. ඉන්දියාවේ වෙළෙඳ දැන්වීමකටත් සම්බන්ධ වෙන්න මට කතා කළා. නමුත් අසනීප තත්ත්වයක් නිසා මට ඒ වැඩේ මඟහැරුණා. මම ලොකුවට දේවල් හඹාගෙන යන්නේ නැහැ. කරන්න පුළුවන් දේ පාඩුවේ කරගෙන ඉන්නවා.

• ෂෙහානි ලොකු ලොකු බලාපොරොත්තු හඹාගෙන යන කෙනෙක් නෙවෙයිද?
මට මේ තැනට යන්න ඕනේ, සම්මාන මෙච්චර ගන්න ඕනේ කියලා ලොකු ලොකු බලාපොරොත්තු නැහැ. මම අද දවසේ වැඩ කොටස හරියට කරනවා. අද හොඳට හිටියොත් හෙට සුබවෙයි කියලා මම හිතනවා. මගේ ජීවිතේ තියෙන බලාපොරොත්තුවලට මම හිමින් හිමින් ගමන් කරනවා. ක්‍ෂේත්‍රයේ නම් ලොකු බලාපොරොත්තු නැහැ. මොකද කලාවේ රැඳෙන්න ටිකක් අමාරුයි.

• ඒ කියන්නේ ෂෙහානිට කලාවේ දිගටම රැඳෙන්න අදහසක් නැද්ද?
මම කලාවේ ඉන්න කැමැතියි. නමුත් අපිට කලාවේ රැඳෙන්න පුළුවන් වෙයිද බැරි වෙයිද කියලා හරියටම කියන්න බැහැ. මම කලාවට ආදරෙයි. මේ හිටපු විධියට කලාවේ ඉන්න මගේ කැමැත්තක් තියෙනවා.

• ෂෙහානි සැබෑ ජීවිතේ පෙම්වතියක් නේද?
ඔව්. දැන් පෙම්වතියක්. ඒ කෙනා කවුද කියලා ඉදිරියේදී කියන්නම්

• ඔහු ක්‍ෂේත්‍රයේ කෙනෙක් නෙමෙයිද?
ඔහු ක්‍ෂේත්‍රයේ කෙනෙක් නම් නෙමෙයි.

• විවාහය කවදා සිදුවෙයිද?
ඒ ගැනත් සිහිනයක් තියෙනවා. බලමු එය සැබෑ වෙයිද කියලා.

• පෙම්වතා ෂෙහානි නිළියක් විදියට ඉන්නවට කැමැතිද?
ඔව්. එයාගෙන් මගේ රංගන කටයුතුවලට බාධාවක් නැහැ.

මෙන්න බලන්න තවත් පුවත්