පුංචි තිරය ඔස්සේ නිරන්තරයෙන්ම ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි සචිනි දිල්හාරා කියලා කියන්නේ. ඉතින් රංගනයට වගේම නර්තනයටත් ඇය ඉතාම දක්ෂ බව දැන්නම් අපේ රටේ හැමෝම වගේ දන්නවා. ඉතින් මේ සුරූපී නිලි සචිනි පහුගිය දවසක යූ ටියුබ් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ ආදරය ගැන වගේම ඇය බලාපොරොත්තු වෙන කෙනා ගැනත් කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

ඉතින් ඇය ඉස්කෝලේ යන කාලේදී ඇය 7 වසරේ ඉගෙන ගනිද්දී තමයි ඇයට මුලින්ම කොල්ලෙක් ආදරෙයි කියලා තියෙන්නේ. ඉතින් ඒ පොඩි කාලේ ඒක මාරම දෙයක් කියලයි ඇය කියන්නේ. ඉතින් ඒ වෙලාවේ ඇයගේ ඇඟ ඇතුලෙන් කරන්ට් එකක් යනවා වගේලු ඇයට දැනුනේ. හැබැයි ඒ කාලේ ආදරේට කරාට ලොකු වැරද්දක් කරනවා වගේ හිතට දැනුනා කියලත් සචිනි කියනවා.

ඒ වගේම ඇයගේ පලවෙනි පෙම්වතයි ඇයයි තවමත් හොඳම යහළුවෝ වගේලු ඉන්නේ. ඉතින් ඔහුට දැන් වෙන පෙම්වතියක් ඉන්න නිසා ඔහු ළඟදීම විවාහ වෙන්න බලාගෙන ඉන්නවා කියලත් ඇය කියනවා. ඒ වගේම සචිනි කියන්නේ ආදරේට ගොඩක් ආදරය කරන කෙනෙක් කියලත් ඇය කියනවා. ඒ වගේම කවදා හරි ඇයගේ පෙම්වතා වෙන කෙනා මත්පැන් පොඩ්ඩක් බිවුවයි කියලා ඇය ඔහුට විරුද්ධ වෙන්නේ නැහැ කියලයි සචිනි කියන්නේ.

මොකද කෙනක් බොන පලියට ඔහු නරක කෙනෙක් නොවන නිසා. ඉතින් සීමාවක් ඇතිව විනෝදෙට හරි යාලුවෝ එක්ක හරි කිසිම කෙනෙකුට හානියක් නැතුව ඒ දේවල් කලාට ඇයට කමක් නැහැ කියලයි සචිනි නම් කියන්නේ.

ඉතින් ඒ වගේම ඔහුගේ රස්සාව මොකක් වුනත් ඔහු අනාගතය ගැන හිතන උත්සහවන්ත කෙනෙක් වෙන්න ඕන කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

මෙන්න බලන්න තවත් පුවත්