පනාමුර ප්‍රදේශයේ පාසලකට සිය දරුවා ඇරලවා යතුරුපැදියෙන් ආපසු නිවස බලා යමින් සිටි පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කර ඇති බව පනාමුර පොලිසිය පවසයි. අද (11) උදෑසන 7.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ පනාමුර, ඕමල්පෙ, කැම්පනේ ප්‍රදේශයේ පදිංචි දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන හතලිස් අට හැවිරිදි පුද්ගලයකි.

උදෑසන දරුවා යතුරුපැදියෙන් පාසලට ඇරලවා ආපසු කිසියම් පුද්ගලයෙකු ඔහුට වෙඩි තබා තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවෙකු අත් අඩංගුවට ගෙන නොමැති අතර පනාමුර පොලිසිය මේ පිලිබදව වැඩි දුර පරීක්ෂණ පවත්වනු ලබයි. අද (11) උදෑසන 7.00ට පමණ මෙම වෙඩි තැබීම සිදුව ඇති අතර වෙඩි වැදීමෙන් මිය ගොස් ඇත්තේ පනාමුර, ඕමල්පෙ, කැම්පනේ ප්‍රදේශයේ පදිංචි දරුවන් තිදෙනෙකුගේ පියෙකු වන හතලිස් අට හැවිරිදි පුද්ගලයකි.

මෙන්න බලන්න තවත් පුවත්