“කුරුල්ලෝ නුඹෙ තාලෙන්”
“දෑස වසා සිටියා”
“කෝකිලයා කෙවිලිය හා” වැනි අතිශය ජනප්‍රිය ගී ගැයූ මායා දමයන්ති පෙරේරා කියන්නෙ එදා රිදී තිරයෙන් අපට නිරන්තරයෙන් ඇහුණු හඬක්.

ඇගේ දියණිය කුෂාණි සඳරේඛා කියන්නෙත් බොහෝම කෙටි කලකින් ක්ෂේත්‍රයට පිවිස සම්මානයට පවා පාත්‍ර වුණු ගායිකාවක්.

කුෂාණි විවාහ වෙලා ඉන්නෙ කසුන් කල්හාර සමඟිනු යි.

මේ මායා දමයන්ති මෑතක යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් පළ කළ අදහස්..

“කසුන් මට නම් පුතෙක් වගේ. බෑනා කියලා හිතෙන්නෙත් නෑ…”

“කුරුල්ලෝ නුඹේ තාලෙන්, කියන ගීතය මම ‘අරලිය මල්’ ෆිල්ම් එකට කිව්වේ. දුව මේ කාලෙට ගැළපෙන්න ගායනා කළා..”

මායා දමයන්තිට කිසිදු දිනයක සම්මානයක් නොලැබුණු හේතුව ?

“දන්නෙ නැහැ ඒක නම්.. මට අඩු තරමේ කුසලතා සම්මානයක්වත් හම්බෙලා නෑ. දන් නෑ මොකද හේතුව කියලා. මාලනී, දිල්හානි, මොරින්, ගීතා , නිලන්ති ඩයස්ට පවා පසුබිම් ගීත කිව්වා. පුදුමයි… විනිසුරු මඩුල්ලකට මේ ගෑනීට ඇගයීමක් කරන්නවත් හිතුන් නැත්තෙ ඇයි කියලා..”

මෙන්න බලන්න තවත් පුවත්