මේ මාසයේ සිට පිරිවැය මත විදුලි ගාස්තු ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. විදුලිබල කර්මාන්තය සඳහා වන පොදු ප්‍රතිපත්ති මාර්ගෝපදේශ සංශෝධනය කිරීමට ද අනුමැතිය හිමි වූ බව අමාත්‍ය කාංචන විජේසේකර මහතා ප්‍රකාශ කරයි.

ඉහළ ප්‍රතිශතයකින්  විදුලි බිල ඉහළ නැංවීම සඳහා වන යෝජනාව කාංචන විජේසේකර අමාත්‍යවරයා විසින් පසුගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණි.

විදුලි බිල ඉහළ නැංවීමට එරෙහි හැට නව ලක්ෂයක මහජන පෙත්සමක් අත්සන් කෙරුණු අතර එහි පළමු අදියරේ අත්සන් ලේඛන විදුලි පාවිච්චි කරන්නන්ගේ සංගමය විසින් ඊයේ (09) මහජන උපයෝගීතා කොමිසම වෙත භාර දුනි.  විදුලි බිල ඉහළ නැංවීමට කැබිනට් අනුමැතිය හිමි වුව ද එය ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පවසයි. මේ අතර විදුලි ගාස්තු ඉහළ දැමීමට එරෙහිව විරෝධය පළකිරීම සඳහා ලංකා විදුලි බල මණ්ඩලය ඉදිරිපිට අද (10) උද්ඝෝෂණයක් පැවැත්වෙන බව ලංකා විදුලිබල මණ්ඩල ඒකාබද්ධ වෘත්තීය සමිති  සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් මහතා සඳහන් කරයි.

මෙන්න බලන්න තවත් පුවත්