පළාත් පාලන ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂය අලියාගෙන්, පොහොට්ටුවෙන් හා පොදු ලකුණක් යටතේ තරග කරන පළාත් පාලන ආයතන මොනවා ද යන්න තීරණයක් ගන්නා බව එ.ජා.ප. මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර සදහන් කරයි. ඒ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග අද (10) පැවැත්වෙන සාකච්ඡාවකදී.

ඒ අනුව, එක්සත් ජාතික පක්ෂය ඇතැම් පළාත් පාලන ආයතන සඳහා අලියා ලකුණින් ද ඇතැම් ආයතන සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමගඟ එක්ව පොහොට්ටුව ලකුණින් ද ඇතැම් ආයතන සඳහා පක්ෂ දෙක ම පොදු ලකුණකින් ද තරග කිරීමට නියමිත බවත් මෙවර මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය දිවයිනේ සියලු ම පළාත් පාලන ආයතනවලට තරග කිරීම සඳහා අපේක්ෂකයන්ගේ නාම ලේඛන සකස් කරමින් පවතින බවත් ඔහු කියා සිටී.

අද පැවැත්වෙන සාකච්ඡාවට එක්සත් ජාතික පක්ෂයේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඉහළ පෙළේ නිලධාරීන් සහභාගි වන අතර, පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ තව ත් සාකච්ඡාවක් පක්ෂ දෙකේ ඉහළ පෙළේ නායකයන්ගේ සහභාගිත්වයෙන් කොළඹදී ඉකුත් දා (08) පවත්වා තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්