පසුගියදා කොළඹ Marine Drive (කොල්ලුපිටිය දුම්රිය පළ ආසන්නයේ) පරිශ්‍රය තුළ අප ආයතනය මගින් සංවිධානය කරනු ලැබූ Adray Food master festival වීදි ආහාර සැණකෙළිය ඉතාමත් සාර්ථක අන්දමින් නිම කිරීමට අපට හැකියාව ලැබුණා.

1

අපූර්ව සංගීත අත්දැකීමක් සමග පැවති මෙම ආහාර සැණකෙළියේ ඉන්දියානු බටහිර මැලේසියානු, යුරෝපීය මෙක්සිකානු, කොරියන් හලාල් වැනි විවිධ රටවල් වල විවිධ වර්ගයේ ලාංකීය අපට අලුත් කෑම වර්ග රැසක් සහ විවිධ රසයන්ගෙන් යුත් අයිස්ක්‍රීම් වැනි ආහාර වර්ග සහිත ප්‍රදර්ශන කුටි රැසකින් ආහාර සැණකෙළිය සමන්විත වූවා. ඒ සදහා අපත් සමග එක්වූ Munchie , Marmite, Kottu Mee, Sugar lite, Tetos, shop.lk, Tiger යන ආයතනය සියල්ලම මෙම කටයුත්ත සාර්ථක කිරීමේ ලා අපට විශාල දායකත්වයක් ලබා දුන්නා.

2
3
4
5

ඒ වගේම මෙම ආහාර සැණකෙළිය සංගීතයෙන් වර්ණවත් කිරීම සදහා සමාජ මාධ්‍ය තුළ සුවිශේෂී නාමයක් දිනූ ජනප්‍රිය නිර්මාණකරුවන් දෙපලක් වන ජනයි ප්‍රියයි, ලාංකීය කලා තරු අතරින් ඉතා ජනප්‍රිය තරුවක් වන කාවින්ග පෙරේරා, ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ සුවිශේෂී හඬ පෞරුෂයක් ඇති ගයාන් ගුණවර්ධන, ජනප්‍රිය ක්‍රීඩා තරු සචිත්‍ර සේනානායක , හිරු star වේදිකාව තුළ තෙවැනි ස්ථානය දිනූ අමන්දා පෙරේරා, ගායන ශිල්පී සමීර විර වර්ණ හා දර්ශන ශ්‍රී ඇතුළු ලංකාවේ ජනප්‍රිය තරු රැසක් සමගින් THE KINDOM සහ CHARAKA MUSIC BAND ජනප්‍රිය පෙරළිකාර සංගීත කණ්ඩායම් එක්වූ අතර අප විසින් නිර්මාණය කරන ලද කලා නිර්මාණ ඇතුළත් කලාත්මක වටපිටාව සැණකෙළිය ආකර්ෂණය තවත් වැඩි කළා.

6

මේ සඳහා ඩිජිටල් මාධ්‍ය අනුග්‍රහය ලබාදුන්නේ NewsMania වෙබ් අඩවිය වන අතර digital advertising partner ලෙස VIRAJ MALINGA PRODUCTION සහ KASSA ADVERTISING PRIVATE LIMITED යන ආයතන මගිනි.

7

Adray Food master festival වීදි ආහාර සැණකෙළිය ඉතාමත් සාර්ථක අන්දමින් නිම කිරීමට අපට නොමද දායකත්වයක් ලබා දුන් වෙළඳ ආයතන , කලා තරු ඇතුළු සියලුම දෙනාට අප ආයතනය විසින් හද පිරි ස්තුතිය මේ මොහොතේදී පුද කරන්නෙමු.

ඉදිරියේදිත් අප ආයතනය මගින් මෙවැනි අලුත් වැඩසටහන් රැසක් ඔබගේ රසවින්දනය උදෙසා සංවිධානය කිරීමට මේ වන විටත් කටයුතු සූදානම් කරමින් සිටින බව ඉතාමත් සතුටින් දැනුම් දෙන්නෙමු.

8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27

28

29

 

 

මෙන්න බලන්න තවත් පුවත්