ඊයේ (08) අලුයම ගාල්ල, වටරැක නැගෙනහිර ප්‍රදේශයේ විද්‍යාලීය ක්‍රීඩාංගණයක පවත්වන ලද සංගීත සංදර්ශනයක රාජකාරි යොදවා සිටි පොලිස් නිලධාරියෙකුට පහර දී තුවාල සිදු කර ඇති බව පෝද්දල පොලිසිය පවසයි. පහර කෑමෙන් තුවාල ලැබූ ගාල්ල දූෂණ මර්දන අංශයේ සැරයන්වරයා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

සංගීත සංදර්ශනය පැවැත් වෙමින් තිබියදී දෙපිරිසක් අතර ආරවුලක් ඇති වී ඇති අතර එම ආරවුල සමථයකට යාමේදී පොලිස් නිලධාරියාට මෙසේ පහර දී ඇති අතර පහර දීමට සම්බන්ධ එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අද ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි පෝද්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා පරීක්ෂණ පවත්වා ගෙන යනු ලබයි.

ඊයේ (08) අලුයම ගාල්ල, වටරැක නැගෙනහිර ප්‍රදේශයේ විද්‍යාලීය ක්‍රීඩාංගණයක පවත්වන ලද සංගීත සංදර්ශනයක රාජකාරි යොදවා සිටි පොලිස් නිලධාරියෙකුට පහර දී තුවාල සිදු කර ඇති බව පෝද්දල පොලිසිය පවසයි. පහර කෑමෙන් තුවාල ලැබූ ගාල්ල දූෂණ මර්දන අංශයේ සැරයන්වරයා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබේ.

මෙන්න බලන්න තවත් පුවත්