ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සතියේ කැබිනට් මණ්ඩල රැස්වීම අද (09) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබේ. සියයට 65කින් විදුලි ගාස්තු ඉහළ දැමීමට අදාළ යෝජනාව අද දිනයේ කැබිනට් මණ්ඩලය විසින් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙන අතර කැබිනට් මණ්ඩල අනුමැතියෙන් අනතුරුව එම යෝජනාව මහජන උපයෝගිතා කොමිසම වෙත යොමු කිරීමට නියමිත බව වාර්තා වේ.

පසුගිය කැබිනට් හමුවේ දී විදුලි ගාස්තු ඉහළ දැමීමට අදාළ යෝජනාව සාකච්ඡාවට ලක්කිරිමට නියමිතව තිබුණද එය මෙම සතියේ දී සාකච්ඡාවට ලක්කිරීමට තීරණය කර තිබුණි. දැසි ආන්දෝලනයකට තුඩු දී තිබෙන විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන පෙත්සම ලබන අද දිනයේ මහජන උපයෝගීතා කොමිසමට භාරදෙන බව විදුලිය පාවිච්වි කරන්නන්ගේ සංගමය පවසයි. මේ වන විට ලක්ෂයකට අධික පිරිසක් මෙම පෙත්සම සඳහා අත්සන් කර ඇති බවත් ඒ අනුව අද පෙරවරුවේ එහි නියෝජිතයින් විදුලි බිල වැඩි කිරීමට එරෙහි මහජන පෙත්සම මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා වෙත භාරදීමට නියමිත බවත් වාර්තා වේ.

මෙන්න බලන්න තවත් පුවත්