මාලිගාවත්තේ  “බොම්බ රිෂාක්” සහ “උක්කුවා” නැමැත්තා රුපියල් ලක්ෂ පනහකට ආසන්න දේපළ සමග අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලීසිය පවසයි. “බම්බලපිටිය කින්රොස් පෙදෙස ව්‍යාපාරිකයකුගේ දෙමහල් නිවසට ඇතුළුවී  දේපළ සොරා ගත් අදාල සැකකරුවන් එම සොර බඩු ප්‍රවාහනය කළ ත්‍රීරෝද රථ රියදුරු ද  අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන්ගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී රුපියල් ලක්ෂ 20ක් පමණ වටිනා  අත් ඔරලෝසු හතරක් , රන් මුදු දෙකක් ,  ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක්, අයි පෑඩ් දහයක් මෙන්ම ලැප්ටොප් පරිගණකයක් සහ විදේශීය මුදල් තොගයක්  ඇතුළු භාණ්ඩ රැසක් පොලිස් භාරයට ගෙන තිබේ.

මීට දින කිහිපයකට ඉහතදී කින්රොස් පෙදෙසෙහි දෙමහල් නිවසට  අලුයම් කාලයේදී දොර කඩා  ඇතුළු වී තිබූ “බෝම්බ රිෂාක්” නමැති සැකකරු එම නිවසේ කාමරයක අල්මාරියේ දමා තිබූ  රුපියල් ලක්ෂ 20කට ආසන්න වටිනා අත් ඔරලෝසු 4ක් ඇතුළු දේපළ සොරාගෙන ගොස් තිබූ අතර ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී කොට්ඨාස බුද්ධි අංශයට ලද තොරතුරු අනුව මාලිගාවත්ත ආර් ජි  වත්ත ප්‍රදේශයේ දී ඔහුව අත්අඩංගුවට ගෙන සිදු කළ සිදුකළ ප්‍රශ්න කිරීමේදී සැකකරුගෙන් සොර බඩු මිලදී ගත් උක්කුවා නමැත්තාගේ තොරතුරු අනාවරණය වීමෙන් අනතුරුව එම නිවස වටලා එම සැකකරු අත්අඩංගුවට ගෙන නිවස පරික්ෂා කිරීමේදී ව්‍යාපාරික නිවසින් සොරාගත් දේපළ වලට අමතරව රුපියල් ලක්ෂ 20ක පමණ තවත් දේපල තිබී සොයාගත් බව පොලීසිය කියයි.

අත්අඩංගුවට ගත් ප්‍රධාන තදින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවෙක් බවත් වාර්තා වේ. සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙන්න බලන්න තවත් පුවත්