බස් ගාස්තු අඩුකිරීමට මේ මොහොතේ දී නොහැකි බව බස් රථ සංගම් පවසයි. බස් ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ජාතික ගමනා ගමන කොමිෂන් සභාව සහ බස් සංගම් අතර විශේෂ සාකච්ඡාවක් අද පෙරවරු 10.00ට ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ දි පැවැත්විය.

ඒ අනුව බස් සංගම් නියෝජිතයින් අද එම සාකච්ඡාව සඳහා පැමිණියේය.

සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ, ප්‍රධාන ලේකම්, අංජන ප්‍රියන්ජිත් මහතා පැවසුවේ “මොනවා සාකච්ඡා කළත් කමක් නෑ. බස් ගාස්තු අඩුකිරීම ගැන සාකච්ඡා කරන්න බෑ. තියෙන තත්ත්වය සමග වාහන අමතර කොටස් මිල 500%කින් ඉහළ ගිහින් තියෙන්නේ. ඒ නිසා ආණ්ඩුව ඡන්ද කලාට අපිට කමක් නෑ. හැබැයි පෞද්ගලික බස් කර්මාන්තකරුවා හා සේවකයාව දඩමීමා කරගෙන බස් ගාස්තු අඩුකිරීමක් ගැන කතා කරන්න බෑ. කිසිසේත්ම මේ මොහොතේ බස් ගාස්තු අඩුකරන්න හැකියාවක් නෑ. ඒක ජාතික ප්‍රතිපත්තියටත් පටහැනියි.”

ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ, සභාපති, ගැමුණු විජේරත්න මහතා කිය සිටියේ , “කොහොමත් දැනට අඩුකරන්න හැකියාවක් නෑ. ඒ සම්බන්ධයෙන් අපි අවශ්‍ය මුලික පියවර කිහිපයක් තියෙනවා ඒවා දැනුම්දෙන්න කටයුතු කරනවා.”

මෙන්න බලන්න තවත් පුවත්