ගාල්ල, නාගොඩ ප්‍රාථමික විද්‍යාලයේ තිබූ ලැප්ටොප් පරිගණක කිහිපයක් ඇතුළු වටිනා උපකරණ රැසක් කිසියම් පිරිසක් විසින් සොරාගෙන තිබෙන බව වාර්තා වේ. දීර්ඝ නිවාඩුවකට පසුව අද (09) උදෑසන පාසල විවෘත කරන අවස්ථාවේදී අදාළ සිද්ධිය පිළිබඳ දැනගත් බව වාර්තාකරු සදහන් කරයි.

ඊයේ රාත්‍රියේ හෝ මීට දින කිහිපයකට කලින් සොරකම සිදුවන්නට ඇති බවත් එසේ සොරගෙන ඇත්තේ, පාසලේ කාර්යාලයේ තිබූ ලැප්ටොප් පරිගණක කිහිපයක්, ඈම්ප් එකක් සහ මල්ටිමීඩියා ප්‍රොජෙක්ටරයක් බවත් සදහන් වේ.

මීට අමතරව‍ පාසලේ තිබුණු මුදල් ද රැගෙන ගොස් ඇති බව වාර්තා වේ. පාසල් ගොඩනැගිල්ලක ජනේලයකින් පාසල තුළට ඇතුළු වී කාර්යාලයේ තිබූ කබඩ් සියල්ල කඩා බිඳ එහි තිබූ ලිපිලේඛන පවා තැන තැන දමා ගොස් ඇති ආකාරය අද උදෑසන දැකගන්නට ලැබුණු බව වාර්තාකරු වැඩිදුරටත් සදහන් කරයි . සිද්ධිය සම්බන්ධයෙන් නාගොඩ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මෙන්න බලන්න තවත් පුවත්