උපකාරක පන්තියකට සහභාගි වූ වයස අවුරුදු 10 ක ගැහැණු දරුවකුට බරපතළ ලිංගික අතවරයක් සිදු කළ බවට සැකපිට පාසල් ගුරුවරයකු හොරොව්පොතාන ප්‍රදේශයේ දී ඊයේ (08) සවස අත්අඩංගුවට ගත් බව හොරොව්පොතාන පොලිසිය පවසයි.

කහටගස්දිගිලිය ගුරුවරුවරයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුටද එවැනිම වයසේ දියණියක් සිටින බවත් අතවරයට ලක්වූ දැරිය ද සැකකාර ගුරුවරයා විසින් පැවැත්වු එම උපකාරක පන්තියට සහභාගි වී ඇති බව පවසන පොලිසිය එහිදී මෙම අතවරය සිදුවී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති බව ද පොලිසිය පවසයි.

පන්තිය පැවති අවස්ථාවේ දී තමන් අතවරයට ලක්කළ බව දැරිය විසින් එදිනම නිවසට පැමිණ මව්පියන්ට පවසා ඇති බවත් දැරියගේ මව්පියන් ඒ සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග නොගෙන නිහඬව සිට ඇති බවත් පොලීසිය කියයි.

මෙන්න බලන්න තවත් පුවත්