මොනරාගල දිස්ත්‍රික්ක භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් ඊයේ (0 8) රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මොනරාගල පොලිසියට ලැබුණු තොරතුරක් මත ඊයේ දිනයේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සිදු කළ වැටලීමකදී ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස සිදු කළ වැටලීමකදී පොලිස් අධිකාරීවරයාගේ නිල නිවසේදී ගංජා පැළ 350ක් සහ පොළව අභන්තරයේ නීරීක්ෂණය කළ හැකි ස්කෑනර් යන්ත්‍රයක් සොයා ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා පොලිස්පතිවරයාගේ නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක් මොනරාගල ප්‍රදේශයට පිටත්ව ගොස් ඇති බව සඳහන් වේ. සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන සිදු කරයි.

මොනරාගල දිස්ත්‍රික්ක භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිර කුමාර පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් ඊයේ (0 8) රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

මෙන්න බලන්න තවත් පුවත්