තැලිසීමියා රෝගයෙන් පෙළෙන දරුවෙකුට සැත්කමක් කිරීමට අවශ්‍ය මුදල් එක්රැස් කරන බව පවසා රුපියල් ලක්ෂ ගණනින් මුදල් උපයන ජාවාරමක පුවතක් වාර්තා වෙනවා‍.

හිරු සී.අයි.ඒ.විසින් මෙම තොරතුරු අනාවරණය කර ගෙන තිබුණා.

දුරගමන් සේවා බස් රථවලට නගින පිරිසක් විසින් තැලිසීමියාවෙන් පෙළෙන දරුවෙකුගේ මවක් සිදුකළ ප්‍රකාශයක් ජංගම දුරකථන ඔස්සේ ප්‍රචාරය කරමින් මුදල් උපයන ජාවාරම සිදු කළ බවයි වාර්තා වෙන්නේ.

හිරු සී.අයි.ඒ.විසින් කළ අනාවරණයේ දී හෙළිවුයේ දරුවන් පස්දෙනෙකුගෙන් යුත් අදාළ පවුලේ දරුවන් තිදෙනෙකුම තැලිසීමියා රෝගයෙන් පීඩා විඳින බවයි.

ඉන් එක් දරුවෙකුගේ සැත්කමක් සඳහා උපකාර ලබා දිය හැකි බව පවසා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ඇතුළු පිරිසක් මෙම දරුවන්ගේ දෙමාපියන් රවටා තිබෙනවා.

දරුවාට උපකාර කරන්න යැයි පවසා ග්‍රාමසේවක සහතික, පොලිස් වාර්තා ආදිය ලබා ගෙන ඇති අතර ඒවා උපයෝගී කරගනිමින් වංචනික පිරිස සිදු කර ඇත්තේ දරුවාගේ රුව යොදා ටිකට් පත් මුද්‍රණය කර රුපියල් ලක්ෂ ගණනින් මුදල් ඉපැයීමයි.

මෙන්න බලන්න තවත් පුවත්