ධරණි ටෙලි නාට්‍යයේ ප්‍රධාන චරිතය හරහා ඔබේ ආලින්දයට පැමිණෙන සුරුපිනිය ගැන නම් මේ වන විට නොදන්නා කෙනෙක් නැති තරම්. ඇය නමින් හේෂානි ලියදිපිට.

හැඩකාර, දඟකාර, විසේකාර චරිතයක් නිරූපණය කරන හේෂානි, සෞන්දර්ය සරසවියේ තෙවැනි වසරේ උපාධි අපේක්ෂිකාවක් වනවා. බොහෝ දෙනාගේ ආදරය, ආකර්ශනය දිනා ගත් ඇය දැන් පුංචි තිරයට නැතුවම බැරි තරම්. බොහෝ දෙනා ඇය ගැන වැඩිපුරම කතා කරන්නෙ ධරණිගෙ සටන් කිරීමේ හැකියාව ගැන.

මොකද ඇය එම නාට්‍යයෙහි තාත්විකව සටන් ජවනිකා ඉතාමත් දක්ෂ ලෙස ඉදිරිපත් කරන නිසා. ඇය තම පළමු ටෙලි නාට්‍යය තුළින් සුමති සම්මාන උළෙලේ ජනප්‍රියතම නිළිය සඳහාද නිර්දේශ වී තිබේනවා.

ඇය 2020 වර්ෂයේ දෙරණ අවුරුදු කුමරිය තරඟය ජයග්‍රහණය කළා. හේෂානිගේ උපන්ගම අංගොඩ, ඒ වගේම ඇයගේ පවුලේ අම්මයි අප්පච්චියි, අක්කයි, අයියයිලු ඇය තමයිලු පවුලේ බාලයා. හේෂානි අධ්‍යාපනය හදාරන්නේ යශෝදරා බාලිකා විද්‍යාලයෙන්.

මේ කියන්න යන්නේනම් ඇයගේ දක්ෂතාවයන් ගැන නෙවෙයි. හේෂානි ගිහාන් සමගින් හොරෙන්ම යුගදිවියට පිවිසිලා තිබෙන බවයි අපට දැනගන්නට ලැබුනේ.ඉතින් අපි හිතුවා ඇයගේ ලස්සන දවසේ සුන්දර ජායාරුප පෙළක් ඔබ වෙත ගෙන එන්නට.

මෙන්න බලන්න තවත් පුවත්