මළසිරුරු අවයව කොටස් අලෙවි කිරීමේ චෝදනා මත අමෙරිකාවේ කොලරාඩෝ ප්‍රාන්තයේ අවමංගල ආයතනයක හිමිකාරිනියකට ප්‍රාන්ත අධිකරණය වසර 20ක සිර දඬුවම් නියම කර ඇතැයි බීබීසී පුවත් සේවය වාර්තා කරනවා.

ඇය කිසිදු අනුමැතියකින් තොරව මෙලෙස ශරීර කොටස් විකිණීම සිදුකර තිබෙනවා.

මේගන් හෙස් ( Megan Hess ) නමැති 46 හැවිරිදි මේ කාන්තාව හිමිකරුවන්ගේ අවසරයකින් තොරව මේ ආකාරයට, 2010 සිට 2018 අතර කාලයේදී මළසිරුරු 560ක අවයව කොටස් අලෙවි කර ඇතැයි වාර්තා වෙනවා. ඒ අනුව එම අවයව කොටස් වෛද්‍ය පුහුණු සමාගම්වලට ද විකුණා ඇති බව සඳහන් වෙනවා.

ඇයට චෝදනා එල්ල කරන පිරිස් පවසා සිටින්නේ සමහර අවස්ථාවලදී සම්පූර්ණ සිරුරු විකුණා ඇති අවස්ථා ද පවතින බවයි.

අනුදැනුමකින් තොරව සහ ව්‍යාජ පරිත්‍යාගශීලීන්ගේ ආකෘති පත්‍ර භාවිතා කරමින්, ඇය එම පරිශ්‍රයේම මෙලෙස අවයව අලෙවි කිරීම් සිදුකර තිබෙනවා.

මීට අමතරව ඇයට සහාය දුන් බව කියන ඇගේ 69 හැවිරිදි මව වන ෂර්ලි කෝච්ට ද වසර 15ක සිර දඬුවම් නියම කර තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්