අද (07) දිනයේ දී බිත්තර ලක්ෂ 10ක් කොළඹට රැගෙන එන බව සමස්ථ ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසනවා.

කුරුණෑගල ප්‍රදේශයේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති සරත් රත්නායක කියා සිටියේ ළමා රෝහල්වලට දින 10ක් නොමිලේ බිත්තර ලබාදීමට කටයුතු කරන බවයි.

ඒ අනුව අද දිනයේ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට නොමිලේ බිත්තර සැපයෙනු ඇති.

ඒ අතර

මෙරටට බිත්තර ආනයනය කිරීම සඳහා රාජ්‍ය වානිජ නීති විවිධ නීතිගත සංස්ථාව ලබන සදුදා (8) ටෙන්ඩර් ක්‍රියාවලිය ආරම්භ කරන බවත් එම ආයතනය හරහා බිත්තර ආනයනය කිරිමේ සියලුම කටයුතු ක්‍රියාත්මක වන බවත් වෙළඳ අමාත්‍යාංශය උසස් නිලධාරියකු පැවැසීය.

ඒ අනුව මෙරටට කොපමණ බිත්තර ප්‍රමාණයක් ආනයනය කරන්නේද, ඒ සඳහා කුමන ආනයනකරු තෝරා ගන්නේද යන වඩාත් වැදගත් සියලුම තීරණ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථා විසින් ගනු ලබන බවත් හැකි ඉක්මනින් එම ක්‍රියාවලිය අවසන් කරන බවත් එම නිලධාරියා කීය.

මෙන්න බලන්න තවත් පුවත්