කොළඹ වරායෙන් නිදහස් කර නොගැනුණු කහ දොඩම් ගෙඩි 72,000 ක් (බහලුම් තුනක්) රෝහල්වලට බෙදා හැරීම සඳහා වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට බාරදෙනු ලැබීය.

මෙසේ බාරදෙනු ලැබූ දොඩම් ගෙඩිවල වටිනාකම රුපියල් කෝටි 7කට වැඩි බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යාංශය පවසයි.

මෙම දොඩම් කොළඹ ජාතික රෝහල, රිඡ්වේ ආර්යා ළමා රෝහල සහ මහරගම අපේක්ෂා රෝහල ඇතුළු රෝහල් 60කට පමණ බෙදාදීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය ප‍්‍රදාන පිළිබඳ අධ්‍යක්‍ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවසීය.

මෙම දොඩම් නොමිලේ රෝහලවලට දෙන හෙයින් මුදල් අමාත්‍යාංශය එම දොඩම් වලට අදාල රේගු බදු ඉවත් කර ඇත. මෙයට අමතරව ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය හා ( CICT) පුද්ගලික පර්යන්තයද අංගන ගාස්තු අය කිරීමකින් තොරව එම දොඩම් තොගය නිදහස් කර ඇත.

නිදහස් කර නොගන්නා ආහාරද්‍රව්‍ය අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් රෝගීන්ගේ පරිභෝජනය සඳහා මෙයට පෙර ද සෞඛ්‍ය අමාත්‍යාංශයට බාර දෙනු ලැබීය.

මේ අවස්ථාවට ශ‍්‍රි ලංකා රේගුව, ශ‍්‍රී ලංකා වරාය අධිකාරිය, වරාය හ, නාවික හා ගුවන්සේවා අමාත්‍යාංශය හා සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු ආයතන කිහිපයක නිලධාරීහුද සහභාගි වූහ.

මෙන්න බලන්න තවත් පුවත්