දුරුතු පුර පසළොස්වක පොහොය දිනය අදට (06) යෙදී තිබේ. දුරුතු පුර පසළොස්වක පෝය නව වසරේ පළමු පොහොයයි.බුද්ධ ශාසනයේ සුවිශේෂී සිදුවීම් රැසක් අද වැනි පොහොය දිනක සිදුව තිබේ.

බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකාගමනය සිදුවනේ අද වැනි පොහෝ දිනකයි. බුදුන් වහන්සේ තුන් බෑ ජටිලයන් ප්‍රමුඛ දහසක් පිරිස දහම් මඟට හරවාගැනීම, ප්‍රථම ආරාම පූජාව වන බිම්බිසාර රජු විසින් බුදුන් වහන්සේ ඇතුළු මහ සඟරුවනට වේළුවනාරාමය පූජා කිරීම  දුරුතු පොහොය දිනක සිදුව ඇත.සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන්වහන්සේ මහියංගනයට වැඩම කර යක්ෂ සහ නාග ගෝත්‍රිකයින් අතර පැවති ගැටුම සමනය කළ බව ශාසන ඉතිහාසයේ සදහන් වේ.

ශාසනික වශයෙන් වැදගත් වන අද දින සෑම බෞද්ධ විහාරස්ථානයක ම පාහේ ආගමික වතාවත් අද දිනයේදී සිදු කරනු ලැබේ.

මෙන්න බලන්න තවත් පුවත්