“වරිසු” කියන්නෙ ගොඩක් දෙනෙක් ආදරය කරන, ‘තලපති විජේයි’ අලුත්ම ෆිල්ම් එක.

ෆිල්ම් එකේ පූර්ව ප්‍රචාරක පටය පෙරේදා දිනයේ අන්තර්ජාලයට මුදා හැරුණා.

මේ වන විට මිලියන 33කට වැඩි පිරිසක් මෙම පූර්ව ප්‍රචාරක පටය නරඹා ඇති අතර, විශේෂත්වය වන්නෙ චිත්‍රපටය ලංකාවේ යූටියුබ් නැරඹුම් අතිනුත් පළමු ස්ථානයට (ට්‍රෙන්ඩින් 01) පත්ව තිබීමයි.

නමුත් මේ කතාව ෆිල්ම් එක ගැන නෙවෙයි.

මේ චිත්‍රපටය නිකුත් වෙන්න දින කිහිපයක් තිබියදී චිත්‍රපටයේ ආදරණීය ප්‍රබලයෙක් හදිසියේ ම ජීවිතය හැර ගොස් තිබෙනවා.

ඒ මෙම චිත්‍රපටයේ කලා අධ්‍යක්ෂක ලෙස කටයුතු කළ සුනිල් බාබු කාලමනාර්.

තෙළිඟු, මලයාලම්, දෙමළ චිත්‍රපට රැසකම ඔහු කලා අධ්‍යක්ෂකවරයෙක් ලෙස කටයුතු කර තිබෙනවා.

හෘදයාබාධයක් නිසා මරු වැළඳගත් සුනිල්ගේ වියෝවෙන් මේ වන විට චිත්‍රපට කර්මාන්තයේ යෙදෙන බොහෝ දෙනෙක් කම්පාවට පත්ව සිටිනවා.

වරිසු චිත්‍රපටය නිකුත් වීමට ප්‍රථම තලපති විජේයි ද මෙම “කලා අධ්‍යක්ෂකවරයා” ව අගය කරමින් කතා කර තිබුණා.

මෙන්න බලන්න තවත් පුවත්